මේ දිනවල ප්‍රංශය පුරා පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු නොවූ තරමේ විශාල විනාශයක් සිදුවෙලා තියෙනවා. මේ වන විට අක්කර තුන් ලක්ෂයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති අතර, මේ තත්ත්වයට ප්‍රධාන හේතුව දේශගුණික විපර්යාස බව පැවසුණත්, ප්‍රංශ රජය පවසන්නේ වාර්තා වන ලැව්ගිනිවලින් දහයෙන් නවයක්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතරට වයස අවුරුදු 18ට අඩු ළමුන් 166 දෙනෙකුත් ඇතුළත් වීම විශේෂත්වයක්. සමහර පිරිස් හිතාමතාම ගිනි තැබීම් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් නීතිඥවරුන් සහ මාධ්‍ය ආයතන කිහිපයක්ම ප්‍රශ්න මතු කර තිබෙනවා. ඇතැම් අත්අඩංගුවට ගැනීම් අසාධාරණ බවත්, සිගරට් කොටයක් විසිකිරීම වැනි සුළු කරුණු මත පවා දැඩි දඬුවම් ලබා දීම ගැටලු සහගත බවත් ඔවුන් පෙන්වා දෙනවා. ගින්නක් ඇති වූ විට එහි මූලාරම්භය සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් වුවත්, විශේෂඥයන් පවසන්නේ වියළි කාලගුණයත් සමඟ ඉතා කුඩා ගිනි පුපුරකින් වුවද විශාල විනාශයක් සිදුවිය හැකි බවයි. විශේෂයෙන්ම සිගරට් කොටයක් හෝ බාබකියු එකක් වැනි දෙයකින් පවා මේ ව්‍යසනය ආරම්භ විය හැකි බව ඔවුන් අනතුරු අඟවනවා. මේ වන විට ප්‍රංශ රජය මෙම තත්ත්වය පාලනය කිරීමට දැඩි නීති ක්‍රියාත්මක කළත්, මෙවැනි අත්අඩංගුවට ගැනීම්වලින් සැබෑ වැරදිකරුවන් හඳුනා ගැනීමට හැකි වේද යන්න තවමත් ගැටලුවක්ව පවතිනවා.

Discussion & Feedback