ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනාගත් සුපිරි නළු හියු ජැක්මන් රංගනයෙන් දායක වන ‘ද ඩෙත් ඔෆ් රොබින් හුඩ්’ (The Death of Robin Hood) චිත්රපටය මේ වන විට අන්තර්ජාල ස්ට්රීමින් වේදිකා තුළ විශාල ජනප්රියත්වයක් ලබාගෙන තිබෙනවා. සිනමාහල් තුළ එතරම් සාර්ථකත්වයක් නොලැබුණත්, පසුගිය ජූලි 28 වැනිදා සිට ඩිජිටල් වේදිකාවලට නිකුත් කිරීමත් සමඟම මෙම චිත්රපටය ඇමරිකාවේ ඇපල් ටීවී ස්ටෝර් (Apple TV store) හි වැඩිම පිරිසක් නරඹන චිත්රපට අතර 8 වැනි ස්ථානයට පත් වෙන්න සමත් වුණා. මෙය ඇත්තටම ජැක්මන්ගේ රසිකයන්ට ලැබුණු ලොකු ජයග්රහණයක්.
මෙම චිත්රපටයේ ජැක්මන් රඟපාන්නේ වයස්ගත, අතීතයේ කළ වැරදි ගැන පසුතැවෙන රොබින් හුඩ් කෙනෙක් විදිහටයි. විචාරකයන්ගේ පැසසුමට ලක්වූ මෙම නිර්මාණය 21 වැනි සියවසේ රොබින් හුඩ් චරිතය පාදක කරගෙන නිර්මාණය වූ හොඳම චිත්රපටය ලෙසත් සැලකෙනවා. ජෝඩි කොමර් සහ බිල් ස්කාර්ස්ගාඩ් වැනි ප්රබල නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්රපටය, සිනමාහල්වලදී අසාර්ථක වුවත්, දැන් ඩිජිටල් ලෝකය තුළ සිය වාර්තාව නැවත ගොඩනඟමින් ඉන්නවා. ඔබත් හියු ජැක්මන්ගේ වෙනස්ම රංගනයක් බලාපොරොත්තු වෙනවා නම්, අනිවාර්යයෙන්ම මේ චිත්රපටය නරඹන්න කියලා අපි ආරාධනා කරනවා.

Discussion & Feedback