ප්‍රංශයේ පැරිස් නුවරදී පාප් වහන්සේ ලියෝ 14 වන පාප් වහන්සේ වෙනුවෙන් ඉතාමත් උත්කර්ෂවත් සහ දැවැන්ත දේව මෙහෙයක් පවත්වන්න කටයුතු කරලා තියෙනවා. පැරිස් නුවර ප්‍රධාන වීදියක් වන චැම්ප්ස්-එලිසීස් හරහා පාප් වහන්සේ ගමන් කරන විට උන්වහන්සේ දැක බලා ගැනීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්රොක් වෙලා හිටියා. තමන්ගේ විශේෂ රථයේ ගමන් කරමින් ජනතාවට ආශිර්වාද කළ පාප් වහන්සේ, අතරමගදී කුඩා දරුවන් කිහිප දෙනෙකුට ආශිර්වාද කරන්නත් අමතක කළේ නැහැ. මේ අවස්ථාවට සහභාගි වෙන්න ලක්ෂ පහකට අධික පිරිසක් පැමිණ සිටින බවයි වාර්තා වෙන්නේ.
මේ දේව මෙහෙයට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සහභාගි වෙන්නේ නැති වුණත්, ඔහුගේ බිරිඳ බ්‍රිජිට් මැක්රොන් සහ අගමැති සෙබස්තියන් ලෙකෝනු ඇතුළු දේශපාලන ක්ෂේත්රයේ ප්‍රබලයන් රැසක්ම මේ සඳහා එක්ව සිටිනවා. දේව මෙහෙයට පෙර පාප් වහන්සේ සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින මයිසන් බකිථා මධ්‍යස්ථානයට ගොස් ඔවුන්ව දිරිමත් කළා. ඒ වගේම කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය නිසා මිනිස්කම නැති වී යාමේ අවදානම ගැනත් උන්වහන්සේ විශේෂයෙන්ම අනතුරු ඇඟෙව්වා. ප්‍රංශයේ සිව්දින සංචාරයක නිරත වන පාප් වහන්සේ ඉරිදා ලූර්ඩ්ස් නුවරදීත්, සඳුදා මෙට්ස් නුවරදීත් විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගි වීමට නියමිතයි. යුරෝපීය ජනතාව තුළ ආගමික භක්තිය යළිත් වර්ධනය වෙමින් පවතින බවට මේ දැවැන්ත ජන සහභාගිත්වය සාක්ෂියක් බවයි පල්ලිය පවසන්නේ.

Discussion & Feedback