ප්රංශයේ පැරිස් නුවරදී පාප් වහන්සේ ලියෝ 14 වන පාප් වහන්සේ වෙනුවෙන් ඉතාමත් උත්කර්ෂවත් පිළිගැනීමක් ලබාදීමට එරට ජනතාව කටයුතු කර තිබෙනවා. පැරිස් නුවර ප්රධාන වීදියක් වන චැම්ප්ස්-එලිසීස් ඔස්සේ පාප් වහන්සේ ගමන් කරන විට දහස් ගණනක් ජනතාව උන්වහන්සේව දැක බලා ගැනීමට රැස්ව සිටියා. තමන්ගේ විශේෂ රථයේ ගමන් කරමින් ජනතාවට ආශිර්වාද කළ පාප් වහන්සේ, අතරමගදී කුඩා දරුවන් කිහිප දෙනෙකුට ආශිර්වාද කිරීමටත් අමතක කළේ නැහැ. මෙම දැවැන්ත එළිමහන් දේව මෙහෙයට ලක්ෂ පහකට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ සඳහා විශේෂ පූජාසනයක් ද සූදානම් කර තිබෙනවා.
ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් රාජ්ය සහ ආගමික කටයුතු වෙන් කිරීමේ ප්රතිපත්තිය නිසා මෙම දේව මෙහෙයට සහභාගී නොවූවත්, ඔහුගේ බිරිඳ ඇතුළු ප්රංශයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් රැසක්ම මෙම අවස්ථාවට එක්ව සිටිනවා. මීට අමතරව, පාප් වහන්සේ සිය සංචාරය අතරතුර සංක්රමණිකයන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර, කෘත්රිම බුද්ධිය (AI) නිසා මිනිස්කම අහිමි වීමේ අවදානම පිළිබඳව ද විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කළා. ප්රංශයේ සහ යුරෝපයේ ජනතාව තුළ පවතින ආගමික භක්තිය මෙම සංචාරය තුළින් මනාව පෙන්නුම් කරන බවයි පල්ලිය පවසන්නේ. ඉදිරි දිනවලදී ලූර්ඩ්ස් සහ මෙට්ස් නගරවලදී ද පාප් වහන්සේගේ විශේෂ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

Discussion & Feedback