අපේ ක්ෂීරපථයට ආසන්නව පිහිටි ‘ලොකු මැගලනික් ක්ලවුඩ්’ (LMC) නම් මන්දාකිණියේ අලුත්ම අභ්යවකාශ දසුනක් හබල් දුරේක්ෂය මගින් ලබාගෙන තියෙනවා. මේ අපූරු ඡායාරූපයේ තියෙන්නේ N44 ලෙස හඳුන්වන දැවැන්ත නිහාරිකාවක්. මේ නිහාරිකාවේ විශේෂත්වය තමයි එහි මධ්යයේ තියෙන දැවැන්ත හිස් අවකාශය. විද්යාඥයන් මේකට ‘සුපර් බබල්’ (superbubble) කියලා කියනවා. මේ හිස් අවකාශය ආලෝක වර්ෂ 210ක් සහ 140ක් වැනි අතිවිශාල ප්රමාණයකින් යුක්තයි. මේ වගේ දැවැන්ත දෙයක් නිර්මාණය වෙන්න හේතුව විදිහට විද්යාඥයන් අනුමාන කරන්නේ එහි මධ්යයේ තිබූ තරු පිපිරීම් හෙවත් සුපර්නෝවා පිපිරීම් හෝ තරු වලින් පිටවූ ප්රබල සුළං මගින් අවට තිබූ වායු ඉවත් කිරීම වෙන්න පුළුවන් කියලයි.
මේ නිහාරිකාව ‘විමෝචන නිහාරිකාවක්’ (emission nebula) ලෙසත් හඳුන්වනවා. ඒ කියන්නේ එහි තියෙන වායු අවට තරු වලින් ලැබෙන ශක්තිය නිසා ඉතා දීප්තිමත්ව බැබළෙනවා. මේ නිහාරිකාව තරු උපත සිදුවන තැනක් විදිහටත් ඉතා වැදගත්. හබල් දුරේක්ෂය මගින් මෙහි තරු ලක්ෂ පහක් පමණ නිරීක්ෂණය කරලා තියෙනවා. ඉන් තරු 30,000ක්ම තවමත් උපත ලබමින් පවතින ළදරු තරු බවයි පැවසෙන්නේ. අභ්යවකාශයේ තරු වල පරිණාමය සහ උපත ගැන අධ්යයනය කරන්න මේ N44 නිහාරිකාව ඉතා හොඳ අවස්ථාවක් විදිහට විද්යාඥයන් දකිනවා. ඇත්තටම මේ වගේ දසුන් අපිට අභ්යවකාශයේ තියෙන අරුම පුදුම දේවල් ගැන තවත් බොහෝ දේ හිතාගන්න උදව් වෙනවා.

Discussion & Feedback