අභ්යවකාශයේ තියෙන අතිවිශාල සහ බලගතු දුරේක්ෂ දෙකක් එකතු වෙලා අලුත්ම වැඩක් කරලා තියෙනවා. ඒ තමයි හබල් සහ ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂ දෙකේම දත්ත එකතු කරලා ‘බ්ලැක් අයි’ (Black Eye Galaxy) හෙවත් මෙසියර් 64 මන්දාකිණියේ ඉතාම පැහැදිලි සහ අපූරු ඡායාරූපයක් නිර්මාණය කිරීම. පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ මිලියන 17ක් ඈතින්, ‘කෝමා බෙරෙනිසස්’ තාරකා මණ්ඩලයේ පිහිටලා තියෙන මේ මන්දාකිණිය ඇත්තටම හරිම අමුතුයි. 1779දී හොයාගත්ත මේ මන්දාකිණිය දිහා බැලුවම හරියට ඇහැක් වගේ පේන නිසා තමයි මේ නම ලැබිලා තියෙන්නේ.
මේ මන්දාකිණියේ තියෙන විශේෂම දේ තමයි එහි අභ්යන්තරයේ සිදුවන කැරකැවීම. සාමාන්යයෙන් මන්දාකිණිවල තරු සහ වායු එකම දිශාවකට කැරකෙනවා වුණත්, මෙහි පිටත ප්රදේශයේ තියෙන වායු සහ තරු මධ්යයට වඩා ප්රතිවිරුද්ධ දිශාවට තමයි කැරකෙන්නේ. මේ අපූරු දසුන ලබාගන්න විද්යාඥයන් ජේම්ස් වෙබ් දුරේක්ෂයේ අධෝරක්ත කිරණ දත්ත සහ හබල් දුරේක්ෂයේ පාරජම්බුල හා දෘශ්ය ආලෝක දත්ත එකිනෙක මුසු කරලා තියෙනවා. මේ වගේ නවීන තාක්ෂණයන් එකිනෙක අනුපූරකව වැඩ කරන එක අනාගත අභ්යවකාශ ගවේෂණයට ලොකු ශක්තියක්. විශේෂම දේ තමයි, මේ මන්දාකිණිය සාමාන්ය කුඩා දුරේක්ෂයකින් වුණත් ආධුනික තාරකා විද්යාඥයන්ට වුණත් බලාගන්න පුළුවන් වීම.

Discussion & Feedback