ලෝකයේ ප්රබල තාක්ෂණික සමාගමක් වන හුවාවි, තමන්ගේ අලුත්ම Ascend 960DT AI චිපය වෙළඳපොළට නිකුත් කරන දිනය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මන් කිරීමට තීරණය කරලා තියෙනවා. මුලින් මේ චිපය 2027 වසරේ තුන්වන කාර්තුවේදී එළිදැක්වීමට සැලසුම් කර තිබුණත්, දැන් එය 2027 වසරේ මුල් කාර්තුවේදීම ලබා දීමට ඔවුන් කටයුතු කරනවා. ඇමරිකාවේ එන්විඩියා (Nvidia) සමාගමට දැඩි තරගයක් ලබා දීමේ අරමුණින් තමයි හුවාවි මේ පියවර ගන්නේ. හුවාවි සමාගමේ සභාපති ඩේවිඩ් වැන්ග් පවසන විදිහට, මේ නව චිපය මගින් පෙරට වඩා දෙගුණයක කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන් වෙනවා.
මේ අතර හුවාවි සමාගම තමන්ගේ නවතම ‘Peerium Computing Architecture’ තාක්ෂණය හරහා AI චිප්ස් ලක්ෂ ගණනක් එකට සම්බන්ධ කර විශාල පරිගණක පද්ධතියක් නිර්මාණය කිරීමටත් උත්සාහ කරනවා. ඇමරිකාව විසින් චීනයට පනවා ඇති තාක්ෂණික සීමාවන් නොතකා, චීනය තමන්ගේම අර්ධ සන්නායක තාක්ෂණය දියුණු කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා වලට පෙර හුවාවි ගත් මේ තීරණය ලෝක තාක්ෂණික ක්ෂේත්රයේ විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. කෙසේ වෙතත්, සමහර විශ්ලේෂකයන් පවසන්නේ චිපය ඉක්මනින් පැමිණියත්, එය භාවිතා කරන පද්ධතිවල ප්රමාණය මුලින් සැලසුම් කළාට වඩා කුඩා විය හැකි බවයි.

Discussion & Feedback