ලොව පුරා තාක්ෂණ ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටින ඇපල් සමාගමේ වාර්ෂික අයිෆෝන් උත්සවය සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙවර උත්සවය විශේෂ වෙන්නේ සැම්සුන් සමාගමෙන් වසර හතකට පසුව ඇපල් සමාගම සිය ප්‍රථම නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය එනම් ‘iPhone Ultra’ වෙළඳපොළට හඳුන්වා දීමට සූදානම් වීම නිසයි. ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 10ට ආරම්භ වන මෙම උත්සවය ඇපල් නිල වෙබ් අඩවියෙන් සහ යූටියුබ් හරහා සජීවීව නැරඹීමට ඔබට අවස්ථාව ලැබෙනවා.
මෙම උත්සවයේදී නැමිය හැකි දුරකථනයට අමතරව iPhone 18 Pro සහ iPhone 18 Pro Max මාදිලි ද එළිදැක්වීමට නියමිතයි. නැමිය හැකි දුරකථනයක මිල ඩොලර් 2000ක් වැනි ඉහළ අගයක් ගන්නා නිසා, සාමාන්‍ය උසස් මාදිලි බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට මෙය හොඳ අවස්ථාවක් වේවි. මීට අමතරව නව HomePod, කැමරා පහසුකම් සහිත AirPods සහ නවතම Apple Watch මාදිලි කිහිපයක් ද එළිදැක්වීමට ඉඩකඩ තිබෙනවා.
මෙවර උත්සවය විශේෂ වන්නේ ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ටර්නස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු විශාලතම නිෂ්පාදන එළිදැක්වීම මෙය වන නිසයි. ටිම් කුක් මහතා ඉවත් වීමෙන් පසුව සමාගමේ ගමන් මග වෙනස් වන ආකාරය දෙස බොහෝ දෙනා අවධානයෙන් සිටිනවා. ඔබත් මෙම උත්සවය මග හැරගන්න කැමති නැත්නම් යූටියුබ් හරහා රිමයින්ඩර් එකක් දාගෙන තියාගන්න අමතක කරන්න එපා.

Discussion & Feedback