ඔයා ‘How to Train Your Dragon’ චිත්රපට මාලාවට ගොඩක් ආස කෙනෙක් නම්, ඔයාට සතුටු වෙන්න පුළුවන් අලුත්ම ආරංචියක් තියෙනවා. මේ වෙනකම් ආපු බොහෝ මකරා ආශ්රිත ක්රීඩා වලට වඩා වෙනස් අත්දැකීමක් ලබා දෙන්න ‘Sagas of Lumin’ නමින් අලුත් ක්රීඩාවක් එළිදැක්වීමට නියමිතයි. මේ ක්රීඩාව ‘How to Train Your Dragon’ වල තියෙන මකරා හීලෑ කිරීමේ සහ ඔවුන් සමඟ බැඳීමක් ඇති කර ගැනීමේ අත්දැකීමත්, ‘The Legend of Zelda’ ක්රීඩාවේ තියෙන අපූරු ගවේෂණාත්මක ලෝකයත් එකතු කරලා හදපු එකක්. මෙහිදී ඔයාට තමන්ගේම මකරෙක්ව හීලෑ කරගෙන, ඔවුන් පිටේ නැගලා සටන් වලට යන්න වගේම අහසේ පියාසර කරන්නත් පුළුවන් වෙනවා.
Elos Games And Arts ආයතනය විසින් නිර්මාණය කරන මේ ක්රීඩාව, දකින්න ලැබෙන දර්ශන අනුව ගොඩක් ආකර්ෂණීයයි. මෙහි තියෙන පාවෙන දූපත්, පැරණි මාලිගා සහ අහසේ පාවෙන නැව් වගේ දේවල් නිසා මේක හරියටම Zelda ක්රීඩාවක් වගේ දැනෙනවා. මේ ක්රීඩාව 2027 පෙබරවාරි 5 වෙනිදා Steam හරහා Early Access ලෙස නිකුත් වෙන්න නියමිතයි. ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ මේකේ Beta පරීක්ෂණත් පවත්වන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඔයා මකරා ලෝක වලට සහ වික්රමාන්විත ගවේෂණ වලට කැමති කෙනෙක් නම්, මේ ක්රීඩාව අනිවාර්යයෙන්ම ඔයාගේ ලැයිස්තුවට එකතු කරගන්න වටිනවා.

Discussion & Feedback