දැනට ලොව ජනප්‍රියම AI වේදිකා වන ChatGPT, Claude සහ Perplexity වැනි සේවාවන් සඳහාත් හැකර්වරුන්ගේ තර්ජන එල්ල වෙන්න පුළුවන්. ඔබේ ගිණුම වෙනත් කෙනෙකු භාවිතා කරනවාදැයි සැකයක් තිබේ නම්, එය පරීක්ෂා කර ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් සෑම ගිණුමකටම වෙනස් මුරපදයක් භාවිතා කිරීම සහ ‘Multi-factor authentication’ (MFA) සක්‍රිය කර තබා ගැනීමෙන් ඔබේ ගිණුම වඩාත් සුරක්ෂිත කරගන්න පුළුවන්. විශේෂයෙන් ChatGPT සහ Perplexity සඳහා මෙම පහසුකම තිබුණත්, Claude ක්‍රියාත්මක වන්නේ ඊමේල් හරහා එන ලොගින් ලින්ක් එකක් මගින් නිසා එහි මුරපද අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔබේ ChatGPT ගිණුමේ සැක කටයුතු ක්‍රියාකාරකම් තිබේදැයි බැලීමට ‘Settings’ වෙත ගොස් ‘Security and Login’ හරහා ‘Active Sessions’ පරීක්ෂා කරන්න. එහිදී ඔබට නුහුරු උපාංගයක් පෙනේ නම් වහාම එයින් ඉවත් වන්න. Claude භාවිතා කරන්නන්ටත් ‘Settings’ තුළ ඇති ‘Account’ කොටසින් තමන්ගේ සක්‍රීය සැසි පරීක්ෂා කර අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට හැකියාව තිබෙනවා. Perplexity හිදී නම් සෘජුවම ‘Sign out of all sessions’ ලබා දී සියලුම උපාංගවලින් ඉවත් වී නැවත ලොග් වීම වඩාත් සුදුසුයි.
ඔබේ ගිණුමේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට නිතරම මුරපද වෙනස් කිරීම සහ සැක සහිත උපාංග ඉවත් කිරීම පුරුද්දක් කරගන්න. මේ ආකාරයට ඔබේ පෞද්ගලික දත්ත සහ AI භාවිතය හැකර්වරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔබටම හැකියාව තිබෙනවා.

Discussion & Feedback