දකුණු ඉක්වදෝරයේ පිහිටි පිණාස් නගරයේ ජීවත් වන මාරියා ලුයිසා සහ මාරියා ඩෙල් සිස්නේ කියන නිවුන් සහෝදරියන් දෙදෙනා ලැරන් සින්ඩ්‍රෝමය නමැති දුර්ලභ ජානමය රෝගී තත්ත්වයකින් පෙළෙනවා. මේ රෝගය නිසා ඔවුන්ගේ ශරීර වර්ධනය අඩි හතරකට වඩා අඩු මට්ටමක පවතිනවා. නමුත් මේ දුර්ලභ තත්ත්වය ලෝකයටම වැදගත් වන වෛද්‍යමය සොයාගැනීමකට මග පාදමින් තිබෙනවා. වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇති පරිදි, ලැරන් සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයන් අතර පිළිකා සහ දියවැඩියාව වැනි රෝග වැළඳීමේ අවදානම සාමාන්‍ය ජනතාවට වඩා ඉතා අඩුයි.
වසර 40ක් තිස්සේ මේ පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය ජයිම් ගුවේරා පවසන්නේ, මෙම රෝගීන්ගේ ශරීරයේ සිදුවන ජානමය වෙනස්කම් ඖෂධයක් හෝ නිසි ආහාර රටාවක් හරහා සාමාන්‍ය පුද්ගලයන්ටත් ලබා දිය හැකි නම්, එය පිළිකා මර්දනය සඳහා විශාල දායකත්වයක් වනු ඇති බවයි. ලොව පුරා ලැරන් සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයන් 840ක් පමණ සිටින අතර, ඔවුන්ගෙන් බහුතරයක් ඉක්වදෝරයේ ජීවත් වෙනවා. තමන් මුහුණ දෙන අභියෝග මධ්‍යයේ වුවත්, තමන්ගේ ජීවිත විද්‍යාත්මක දියුණුවකට ඉවහල් වන බව දැනගැනීම මේ රෝගීන්ට ලොකු සතුටක් සහ ශක්තියක් වෙලා තියෙනවා.
සහෝදරියන් දෙදෙනා පවසන පරිදි, සමාජයේ විවිධ පුද්ගලයන්ගෙන් එල්ල වන සමච්චල් කිරීම් සහ අභියෝග හමුවේ ඔවුන් එකිනෙකාට ශක්තියක් වෙමින් ජීවිතයට මුහුණ දෙනවා. ඔවුන් මේ වන විට චොකලට් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර, අනාගතයේදී තමන්ගේම කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම ඔවුන්ගේ සිහිනයයි. විද්‍යාඥයන් මේ වන විට මෙම රෝගීන් පිළිබඳව පුළුල් පර්යේෂණ පවත්වමින් සිටින අතර, ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව පර්යේෂණ වාර්තාවකින් පිළිකා මර්දනය සඳහා නව බලාපොරොත්තු රැසක් ඇති කරනු ඇතැයි ලෝකයම බලා සිටිනවා.

Discussion & Feedback