දකුණු ඉක්වදෝරයේ පිහිටි පිණාස් නගරයේ ජීවත් වන මාරියා ලුයිසා සහ මාරියා ඩෙල් සිස්නේ කියන නිවුන් සහෝදරියන් දෙදෙනා ලැරන් සින්ඩ්‍රෝමය නමැති දුර්ලභ ජානමය රෝගී තත්ත්වයකින් පීඩා විඳිනවා. මේ රෝගය නිසා ඔවුන්ගේ උස අඩි 4කට වඩා වැඩි වෙන්නේ නැහැ. නමුත් මේ දුර්ලභ තත්ත්වය ලෝකයේම අවධානය දිනාගෙන තියෙන්නේ, මේ රෝගීන් අතර පිළිකා සහ දියවැඩියාව වැනි රෝග වැළඳීමේ අවදානම සාමාන්‍ය ජනතාවට වඩා ඉතා අඩු මට්ටමක පවතින නිසයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ රෝගීන්ගේ ශරීරයේ සිදුවන ජානමය වෙනස්කම් අධ්‍යයනය කිරීමෙන් පිළිකා මර්දනය සඳහා නව ප්‍රතිකාර ක්‍රම සොයාගත හැකි බවයි.
වසර 40ක් තිස්සේ මේ පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය ජයිම් ගුවේරා පවසන්නේ, ලැරන් සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයන්ගේ ශරීරයේ සිදුවන ක්‍රියාවලිය ඖෂධයක් හෝ ආහාර රටාවක් හරහා සාමාන්‍ය පුද්ගලයන් තුළත් ඇති කළ හැකි නම් එය වෛද්‍ය විද්‍යාවට ලැබෙන විශාල ජයග්‍රහණයක් බවයි. ලොව පුරා ලැරන් සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයන් 840ක් පමණ සිටින අතර, ඔවුන්ගෙන් බහුතරයක් ඉක්වදෝරයේ ජීවත් වෙනවා. තමන් මුහුණ දෙන අභියෝග මධ්‍යයේ වුවත්, තමන්ගේ රෝගී තත්ත්වය ලෝකයේම සෞඛ්‍ය අනාගතයට යම් දායකත්වයක් ලබා දෙන බව දැනගැනීම මේ සහෝදරියන්ට ලොකු සතුටක්. ඔවුන් මේ වන විට චොකලට් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර, අනාගතයේදී විශාල කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ සිහිනයකින් පසුවනවා.

Discussion & Feedback