හොලිවුඩ් සිනමාවේ ජනප්රිය නළු ක්රිස් රොක් අධ්යක්ෂණය කරන ‘මිස්ටි ග්රීන්’ චිත්රපටයේ ප්රධාන චරිතයට පණ පොවන්නේ ‘ස්ලෝ හොර්සස්’ කතාමාලාවෙන් කා අතරත් ජනප්රිය වුණු රොසලින්ඩ් එලියාසර්. සාමාන්යයෙන් තමන්ට ලැබෙන චරිතවලට වඩා වෙනස්, අභියෝගාත්මක චරිත සොයා යන රොසලින්ඩ්ට මේ චරිතය ලැබීම ඇත්තටම ලොකු සිහිනයක් සැබෑ වීමක් වගේ. තමන්ට මේ චරිතය නොලැබේවි යැයි සිතා ඇය බොහෝ සෙයින් කම්පාවට පත් වුණත්, අවසානයේ දැඩි උත්සාහය සහ බලාපොරොත්තු නිසාම ඇයට මේ අවස්ථාව හිමි වුණා. ඇය පවසන පරිදි, මේ වගේ චරිතයක් ජීවිතයට ලැබෙන්නේ එකම එක වතාවක් පමණයි.
චරිතය සඳහා තෝරා ගැනීමෙන් පසු ඇය ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කළා. විශේෂයෙන්ම චිත්රපටයේ එන ගීත ගායනා කිරීම සඳහා ඇය ගායන පුහුණුවීම්වල නිරත වුණා වගේම, චරිතයට අවශ්ය ගැඹුර ලබාගන්නා ආකාරය ගැනත් ක්රිස් රොක්ගෙන් මගපෙන්වීම් ලබා ගත්තා. තමන්ට මේ චරිතය ලැබෙන්න කියලා ඇය නිවසේ සිටිද්දී භාවනා කරමින් ක්රිස් රොක් සමඟ මානසිකව සම්බන්ධ වීමට උත්සාහ කළ බවත්, පසුව ඒ ගැන ක්රිස්ගෙන් විමසූ විට ඔහු එය නොදැන සිටි බවත් ඇය සිනහවකින් යුතුව සිහිපත් කරනවා. මේ වන විට ලොව පුරා සිනමා උළෙලවල්වලදී ප්රදර්ශනය වීමට නියමිත ‘මිස්ටි ග්රීන්’ චිත්රපටය රොසලින්ඩ්ගේ රංගන ජීවිතයේ සුවිශේෂීම සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback