මිනිස් මොළය කියන්නේ බිලියන 86ක පමණ ස්නායු සෛලවලින් සමන්විත ඉතා සංකීර්ණ අවයවයක්. ඉතිහාසයේ ඉඳන්ම විද්‍යාඥයින් උත්සාහ කළේ මේ අභිරහස් ලෝකය සිතියම්ගත කරන්න. ඒත් අදටත් ඇල්සයිමර් වගේ රෝග හඳුනාගන්න පාවිච්චි කරන්නේ මොළයේ කුඩා කොටස් කිහිපයක් විතරයි. මේ ගැටලුවට විසඳුමක් විදිහට ඉන්දියාවේ මදුරාසි තාක්ෂණික ආයතනයේ (IIT-M) සුධා ගෝපාලක්‍රිෂ්ණන් මොළ පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් විසින් ලෝකයේ වඩාත්ම සවිස්තරාත්මක ත්‍රිමාණ මොළයේ කඳ (Brainstem) සිතියම නිර්මාණය කරලා තියෙනවා. ‘Anchor’ කියලා නම් කරලා තියෙන මේ ඩිජිටල් සිතියම හරහා මොළයේ MRI ස්කෑන් එකක ඉඳන් ඉතා කුඩා ස්නායු සෛල දක්වා බාධාවකින් තොරව නිරීක්ෂණය කරන්න විද්‍යාඥයින්ට පුළුවන් වෙනවා.
මොළයේ කඳ කියන්නේ ඉතා කුඩා කොටසක් වුණත්, හුස්ම ගැනීම, හෘද ස්පන්දනය සහ නින්ද වගේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය ක්‍රියාවලීන් පාලනය කරන්නේ මේ කොටසින්. මීට කලින් තිබුණේ MRI ස්කෑන් මගින් ලැබෙන සමස්ත රූපය හෝ අන්වීක්ෂයකින් බලන සෛල කොටස් විතරයි. හැබැයි මේ අලුත් තාක්ෂණය මගින් ඒ ලෝක දෙකම එකතු කරලා, මොළයේ සෛල 200කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ස්නායු මාර්ග ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. මේ සිතියම ලෝකයේ ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා නොමිලේ පරිශීලනය කරන්න පුළුවන්. මේක ඇල්සයිමර්, පාකින්සන් සහ මොළයේ ආඝාත වැනි රෝග තේරුම් ගන්න වෛද්‍ය ක්ෂේත්රයට ලොකු පිටුවහලක් වේවි කියලා තමයි විශේෂඥයින් කියන්නේ.

Discussion & Feedback