අපේ සූර්ය පද්ධතිය මීට වසර බිලියන 4.6කට කලින් නිර්මාණය වුණේ කොහොමද කියන එක ගැන විද්යාඥයන් අලුත්ම හෙළිදරව්වක් කරලා තියෙනවා. ඉස්සර ඉඳන්ම අපි හිතාගෙන හිටියේ සූර්ය පද්ධතිය හැදෙන්න ප්රධානම හේතුව වුණේ ගුරුත්වාකර්ෂණය කියලා. හැබැයි ඇන්ටාක්ටිකාවෙන් හොයාගත්ත උල්කාපාතයක තියෙන ඉතා පැරණි දූවිලි අංශු පරීක්ෂා කරපු විද්යාඥයන්ට පෙනී ගිහින් තියෙනවා, මේ වැඩේට චුම්භක ක්ෂේත්රයත් ලොකු බලපෑමක් කරලා තියෙනවා කියලා. මේ දූවිලි අංශු සූර්ය පද්ධතියේ ආරම්භක අවධියේම හැදුණු ඒවා නිසා, ඒවා හරියට ඉතිහාසය ගබඩා කරපු ෆොසිල වගේ කියලයි පර්යේෂකයන් කියන්නේ.
මේ පර්යේෂණයට අනුව, සූර්ය පද්ධතිය මුලින්ම තිබුණේ වායු සහ දූවිලි එකතු වුණු විශාල වලාකුළක් විදිහටයි. පස්සේ කාලෙකදී මේක තැටියක හැඩයට පෙරළෙද්දී, ඒ වටා තිබුණු ප්රබල චුම්භක ක්ෂේත්රය සූර්යයාගේ සහ ග්රහලෝකවල උපතට ලොකු රුකුලක් වෙලා තියෙනවා. පර්යේෂකයන් කියන විදිහට, ඒ කාලේ තිබුණු චුම්භක ක්ෂේත්රය පෘථිවියේ චුම්භක ක්ෂේත්රයටත් වඩා ගොඩක් බලවත්. මේ සොයාගැනීම මගින් සූර්යයා බිහිවෙන්න කලින් තිබුණු තත්ත්වය ගැන අපිට අලුත් අවබෝධයක් ලැබෙනවා. ඇත්තටම මේක අභ්යවකාශ විද්යාවේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂ්යයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback