මොරොක්කෝවේ පැවැත්වෙන මහ මැතිවරණය මේ දිනවල ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. රටේ පවතින දැඩි විරැකියාව, ජීවන වියදම ඉහළ යාම සහ දේශපාලන ක්රමය කෙරෙහි තරුණ පරපුරේ තියෙන කලකිරීම මේ මැතිවරණයේදී ප්රධාන මාතෘකා බවට පත්වෙලා. විශේෂයෙන්ම මෑතකදී දහස් ගණනක් තරුණ තරුණියන් ජීවිත අවදානමේ දාගෙන ස්පාඤ්ඤ දේශසීමාව වන සියුටා වෙත සංක්රමණය වීමට උත්සාහ කිරීමෙන් පෙනී යන්නේ රටේ තරුණ පරපුර කොයිතරම් බලාපොරොත්තු සුන්වෙලාද කියන එකයි. දේශපාලන පක්ෂ 27ක් තරග වදින මේ මැතිවරණයේදී තරුණ ඡන්ද දායකයන් දිනාගන්න පාපන්දු සටන් පාඨ සහ රැකියා පොරොන්දු බහුලව භාවිත කරනවා.
මේ අතර, මොරොක්කෝ පාපන්දු සම්මේලනයේ සභාපති ෆවුසි ලෙක්ජාගේ දේශපාලන ප්රවේශය බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මොරොක්කෝ කණ්ඩායම ලැබූ ජයග්රහණ නිසා ඔහුට තරුණ පරපුර අතර ලොකු ජනප්රියත්වයක් තියෙනවා. ඒ වගේම, විරෝධතා අතරතුර අත්අඩංගුවට පත්වුණු තරුණ ක්රියාකාරීන් පවා මේ වතාවේ පාර්ලිමේන්තුවට පිවිසීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ අරමුණ වහාම බලය ලබා ගැනීම නොවෙයි, ඉදිරි වසර කිහිපය තුළ තරුණ හඬක් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කර ගැනීමයි. කෙසේ වෙතත්, රජයේ බලතල තවමත් රජු සහ ඉහළ පෙළේ දේශපාලනඥයන් අතේම පවතින නිසා, මේ මැතිවරණයෙන් සැබෑ වෙනසක් සිදුවේද යන්න තවමත් ගැටලුවක්.

Discussion & Feedback