මේ දවස්වල ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය හරහා හඳුනන්නේ නැති කෙනෙක්ගෙන් ‘Hi’ කියලා පණිවිඩයක් ආවොත් ගොඩක් පරිස්සම් වෙන්න කියලා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) අපිට අනතුරු අඟවනවා. මේක ඉන්දියාවේ ඉඳන් ක්‍රියාත්මක වෙන ඉතාමත් සංවිධානාත්මක කප්පම් ජාවාරමක්. මුලින්ම ලස්සන තරුණියකගේ ඡායාරූපයක් දාපු ගිණුමකින් තමයි මේ අය ඔයාලට පණිවිඩ එවන්නේ. ටික දවසක් කතා කරලා විශ්වාසය දිනාගත්තට පස්සේ, වීඩියෝ කෝල් එකකට හරි පෞද්ගලික ඡායාරූප හුවමාරු කරගන්න හරි ඔයාලව පොළඹවා ගන්නවා.
මේ ජාවාරම්කරුවන්ගේ තියෙන භයානකම දේ තමයි, ඔවුන් ඔයාලගේ පවුලේ අයව, යාළුවෝ සහ නෑදෑයන්ව කලින්ම හොයාගෙන ඔවුන්ගේ සම්බන්ධතා ලැයිස්තුවට එකතු කරගෙන ඉන්න එක. ඔයාලා යම්කිසි පෞද්ගලික දෙයක් ඔවුන්ට ලබා දුන්නට පස්සේ, ඒ දේවල් පවුලේ අයට සහ යාළුවන්ට යවනවා කියලා බියවද්දලා විශාල මුදලක් කප්පම් විදිහට ඉල්ලනවා. මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ව මානසිකව වට්ටන බරපතළ තත්ත්වයක්.
ඒ නිසා කවුරුහරි නොදන්න කෙනෙක්ගෙන් පණිවිඩයක් ආවම හරි, ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආවම හරි හරිම පරිස්සමෙන් වැඩ කරන්න. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා හඳුනන අය එක්ක පෞද්ගලික දේවල් බෙදාගන්නකොට දෙපාරක් හිතන්න. ඔයාලා වගේම ඔයාලගේ පවුලේ අයවත් මේ වගේ උගුල් ගැන දැනුවත් කරලා තියාගන්න එක තමයි මේ වගේ වංචාවලින් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය.

Discussion & Feedback