සූර්යයාගෙන් පිටවන දැවැන්ත ප්ලාස්මා වලාකුළු හෙවත් ‘කොරෝනල් මාස් ඉජෙක්ෂන්’ (CME) කියන්නේ අභ්යවකාශයේ සිදුවන ඉතාමත් බලගතු සංසිද්ධියක්. පසුගිය දෙසැම්බර් මාසයේදී හිරුගෙන් පිටවුණු මෙවැනි විශේෂ පිපිරීමක් ගැන අධ්යයනය කරන්න විද්යාඥයන් අභ්යවකාශ යානා 17ක් යොදාගෙන තියෙනවා. මේක ඇත්තටම වාර්තාගත සිදුවීමක්. සාමාන්යයෙන් මෙවැනි දේවල් නිරීක්ෂණය කරන්නේ යානා කිහිපයකින් විතරයි. නමුත් මේ පාර යානා විශාල ප්රමාණයක් විවිධ දිශාවලින් යොදාගත්ත නිසා, මේ පිපිරීමේ තිබුණු අසමමිතික ස්වභාවය හෙවත් එක පැත්තක් වේගවත් සහ අනෙක් පැත්ත මන්දගාමී වීමේ රහස හොයාගන්න විද්යාඥයන්ට පුළුවන් වුණා.
මේ පර්යේෂණය මෙහෙයවපු ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්යාලයේ ඇඩ්රියන් ලුස්පේ-කුටි කියන විදිහට, මේ පිපිරීමේදී කොටස් දෙකක් පිටවෙලා තියෙනවා. එකක් පෘථිවිය සහ අඟහරු දෙසට වේගයෙන් ගමන් කරද්දී, අනෙක් කොටස මන්දගාමීව වෙනත් දිශාවකට ගමන් කරලා තියෙනවා. කලින් තිබුණු තාක්ෂණයෙන් නම් මේ වේගවත් කොටස අපිට මගහැරෙන්න තිබුණා. මොකද මන්දගාමී කොටස නිසා වේගවත් කොටස සැඟවී තිබුණු නිසයි. මේ අලුත් සොයාගැනීම මගින් අභ්යවකාශයේ කාලගුණික තත්ත්වයන් ගැන සහ සූර්යයාගේ ක්රියාකාරකම් ගැන අපිට මීට වඩා හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අභ්යවකාශ යානාවලට සහ ගගනගාමීන්ට සිදුවිය හැකි විකිරණ අනතුරු ගැන කල්තියා දැනගන්න මේ වගේ නිරීක්ෂණ ගොඩක් වැදගත්.

Discussion & Feedback