නයිජීරියාවේ මෑතකදී වාර්තා වුණ අමුතුම ආකාරයේ වංචාවක් ගැන මේ දවස්වල ලෝකයම කතා වෙනවා. ‘PFIPC’ නමින් හඳුන්වපු මේ ආයතනය නයිජීරියානු රජයේ ප්‍රධාන කාර්යාල සංකීර්ණය ඇතුළෙම කාර්යාලයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රජයේ නිල වෙබ් අඩවියක් පවා පවත්වාගෙන යමින්, සේවකයින් 300කට වඩා බඳවාගෙන, අවසානයේ 2026 වසරේ අයවැය ලේඛනයටත් ඇතුළත් වෙලා ඩොලර් ලක්ෂ 10කට ආසන්න මුදලක් වෙන් කරවා ගන්නත් ඔවුන් සමත් වෙලා තියෙනවා. මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ අත්සන සහ ප්‍රධාන නිලධාරීන්ගේ අත්සන් ව්‍යාජ ලෙස සකස් කරපු ලියවිල්ලක් පාවිච්චි කරලා.
මේ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා විදිහට පෙනී හිටපු ප්‍රින්ස් ඇඩෙයිමි මැතිව් කියන විදිහට නම් මේක නීත්‍යානුකූල ආයතනයක්, හැබැයි රජය කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර ලොකු ආයතනයක් රජයේ පද්ධතිය ඇතුළේ මෙච්චර කාලයක් කිසිම ගැටලුවක් නැතුව වැඩ කළේ කොහොමද කියන එකයි. අයවැය ලේඛනයට මේක ඇතුළත් වෙද්දී රජයේ ඉහළම නිලධාරීන්ගේ සහය නැතුව මේ වගේ දෙයක් කරන්න බැරි බවයි විචාරකයින් කියන්නේ. දැනට මේ වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වෙන අතරේ, ප්‍රධාන සැකකරු වන ඇඩෙයිමිව අත්අඩංගුවට ගන්න පොලිසිය ලොකු මෙහෙයුමක් පටන් අරන් තියෙනවා. මේ සිද්ධියෙන් පේන්නේ රජයේ පද්ධතිය ඇතුළේ තියෙන හිඩැස් කොච්චර දුරට වංචනිකයින්ට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එකයි.

Discussion & Feedback