යේමනයේ ඉරාන සහය ලබන හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ අගනුවර වන රියාද් නුවර ඉලක්ක කරගෙන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මේ ප්‍රහාර නිසා රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ තිබූ ඉන්ධන ටැංකිවලින් විශාල වශයෙන් කළු දුම් වලා නැගෙමින් තිබෙනු දැකගන්න ලැබුණා. සෞදි බලධාරීන් පවසන්නේ රියාද් වෙත එල්ල වූ මිසයිලයක් සාර්ථකව අහසේදීම විනාශ කිරීමට ඔවුන් සමත් වූ බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාර හේතුවෙන් ගුවන්තොටුපළේ ගුවන් ගමන් වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමටත් සිදුවුණා.
හූති හමුදා ප්‍රකාශකයා පවසන්නේ සෞදි අරාබිය විසින් යේමනයේ අගනුවර වන සානා වෙත එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බවයි. රියාද් නුවරට අමතරව බිෂ්, තායිෆ් සහ යාන්බු වැනි නගරවල තිබෙන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කරගෙනත් ඔවුන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ වන විට සෞදි අරාබිය සහ හූති කැරලිකරුවන් අතර පවතින ගැටුම් උත්සන්න වීම නිසා කලාපයේ තෙල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවත් ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා. පසුගිය දින කිහිපය තුළ දෙපාර්ශවය අතර ඇති වූ දරුණු ගැටුම්වලින් පුද්ගලයන් 48 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දහස් ගණනක් ජනතාව අවතැන් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

Discussion & Feedback