යේමනයේ හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ පිහිටි ඉතා වැදගත් උපායමාර්ගික දූපතක් වන පෙරීම් දූපත අත්පත් කරගෙන තිබෙනවා. බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පිහිටි මෙම දූපත ජාත්‍යන්තර නාවික ගමනාගමනයට අතිශය වැදගත් වන අතර, මීට දිනකට පෙර ඔවුන් විසින් මොක්හා වරාය නගරයද තම පාලනයට නතු කර ගත්තා. මේ වන විට බටහිර වෙරළ තීරයේ සම්පූර්ණ පාලනය හූතිවරුන් සතු බවයි වාර්තා වෙන්නේ. මෙම තත්ත්වයත් සමඟ සෞදි අරාබිය ඇතුළු කලාපීය රටවල් දැඩි අවදානමකට ලක්ව ඇති අතර, තෙල් ප්‍රවාහන මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.
මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පසුගිය සතිය තුළ පමණක් පුද්ගලයන් දහස් ගණනක් අවතැන් වී ඇති අතර, මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. සෞදි අරාබිය විසින් හූතිවරුන්ට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් සිදු කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටියත්, ඇමරිකානු ජනාධිපතිවරයා මේ වන තෙක් සෘජු හමුදාමය මැදිහත්වීමක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත්, බුද්ධි තොරතුරු ලබා දෙමින් සහාය වීමට ඇමරිකාව එකඟ වී ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වන විට යේමනයේ පවතින අර්බුදය නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමේ ප්රවණතාවක්ද දක්නට ලැබෙනවා. අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් තම නිවෙස් අතහැර පලා යමින් සිටින අතර, මෙය මානුෂීය ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තර සංවිධාන අනතුරු අඟවනවා.

Discussion & Feedback