ජනප්රිය ‘හවුස් ඔෆ් ද ඩ්රැගන්’ කතා මාලාවේ තුන්වන සමය ගැන මේ දවස්වල රසිකයන් අතර ලොකු කතාබහක් තියෙනවා. විශේෂයෙන්ම පොතේ තියෙන කතාවට වඩා වෙනස් විදිහට හෙලේනාගේ චරිතය මෙහි ගොඩනැගීම ගැන ගොඩක් දෙනෙක් ප්රශ්න කරනවා. මුල් පොතේ හෙලේනාට දරුවන් තිදෙනෙක් හිටියත්, ටීවී කතා මාලාවේ ඇයට ඉන්නේ නිවුන් දරුවන් දෙන්නෙක් විතරයි. මේ වෙනස නිසා හෙලේනාගේ චරිතයේ තියෙන ගැඹුරු මානසික පීඩනය සහ ඇය ගන්නා තීරණවල බරපතලකම ටිකක් අඩු වෙලා තියෙනවා කියලා තමයි විචාරකයෝ කියන්නේ.
දැන් අලුත්ම කතා මාලාවේ හෙලේනා ගැබ්ගෙන ඉන්න බව ඇලිසන්ට් දැනගන්නවා. ඇත්තටම ජෝර්ජ් ආර්.ආර්. මාටින්ගේ මුල් කතාවේ මෙහෙම ගැබ් ගැනීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. මේක සමහර විට මීට කලින් මගහැරුණු ‘මේලෝර්’ කියන චරිතය නැවත කතාවට ගේන්න හදන උත්සාහයක් වෙන්න පුළුවන්. හෙලේනාගේ ජීවිතයේ සිදුවෙන මේ අලුත් වෙනස්කම් නිසා ඇයගේ අවසානය කොයි වගේ වෙයිද කියලා හිතාගන්න අමාරුයි. සමහර විට මේ දරුවා නිසා ඇය තවත් මානසික පීඩනයකට ලක්වෙලා, කතාවේ තීරණාත්මක වෙනසක් සිද්ධ වෙන්නත් පුළුවන්. කොහොම වුණත්, මේ වෙනස්කම් කතාවේ රසිකයන්ට කොයි වගේ බලපෑමක් කරයිද කියන එක ඉදිරි කොටස්වලින් බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback