හවුස් ඔෆ් ද ඩ්රැගන් තුන්වන කතා මාලාව අවසන් වුණේ රසිකයන්ව ගොඩක් කුතුහලයට පත් කරමින්. ජෝර්ජ් ආර්.ආර්. මාටින්ගේ මුල් කතාවේ තිබුණු දේවල් වෙනස් කරලා, සමහර සිදුවීම් විවාදාත්මක විදිහට ඉදිරිපත් කරපු නිසා රසිකයන් අතර ලොකු කතාබහක් ඇති වුණා. විශේෂයෙන්ම ජේස්ගේ මරණය, රේනිරාගේ ක්රියාකලාපය සහ තවත් ගොඩක් දේවල් ගැන රසිකයන් හිටියේ ලොකු බලාපොරොත්තුවකින්. දැන් හතරවන කතා මාලාව එනකම් හැමෝම බලාගෙන ඉන්න අතරේ, රසිකයන්ට තවත් විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා.
ඒ තමයි, සැප්තැම්බර් 9 වැනිදා සිට ‘ගේම් ඔෆ් ත්රෝන්ස්: ලෙජන්ඩ්ස්’ (Game of Thrones: Legends) ක්රීඩාව හරහා හවුස් ඔෆ් ද ඩ්රැගන් විශේෂ ඉසව්වක් ආරම්භ වෙන්න නියමිත වීම. මේ ඉසව්ව සැප්තැම්බර් 9 අලුයම 4 සිට සැප්තැම්බර් 14 දක්වා ක්රියාත්මක වෙනවා. මේ කාලය තුළ ක්රීඩකයන්ට රේනිරා ටාගේරියන්, කැරැක්සස්, ඩාරියෝ නහාරිස් සහ ඔලෙනා ටයරල් වගේ ජනප්රිය චරිත අගුළු ඇරගන්න පුළුවන්. මේක ඇත්තටම හවුස් ඔෆ් ද ඩ්රැගන් ලෝකයට ආදරේ කරන අයට ලැබෙන සුපිරි අවස්ථාවක්.
මේ ක්රීඩාව ඇපල් ස්ටෝර් සහ ගූගල් ප්ලේ හරහා නොමිලේම බාගත කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ අත්දැකීමකට කැමති නම්, සැප්තැම්බර් 9 වෙනකම් ඉඳලා මේ අලුත් ඉසව්වට සම්බන්ධ වෙන්න පුළුවන්. හවුස් ඔෆ් ද ඩ්රැගන් කතාවේ රසය ක්රීඩාවක් හරහා විඳගන්න මේක හොඳම අවස්ථාව වෙයි.

Discussion & Feedback