ලෝක ප්‍රසිද්ධ චිකන් වින්ග්ස් ආපනශාලා ජාලයක් වන ‘Hooters’ හි ආරම්භය ගැන අලුත්ම චිත්‍රපටයක් නිර්මාණය වෙන්නයි දැන් සූදානම තියෙන්නේ. ‘Hooters: The Movie’ නමින් නම් කරලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ එම්මි සම්මාන නිර්දේශිත ජෝන් රොසන්බෝම් විසින්. මේ කතාව ගෙතිලා තියෙන්නේ අයෝවා ප්‍රාන්තයේ ජීවත් වුණු ටෙඩ් සහ ලෙනී කියන මිතුරන් දෙදෙනා වටායි. කිසිම සැලසුමක් නැතුව අහම්බෙන් වගේ පටන් ගත්ත මේ ආපනශාලා ව්‍යාපාරය කොහොමද ලොකු අධිරාජ්‍යයක් වුණේ කියන එක තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.
මේ කතාවේ ඇත්තම සිදුවීම් පෙළගැසෙන්නේ ටෙඩ් සහ ලෙනී ෆ්ලොරිඩා බලා යන ගමනකින්. ටෙඩ් දකින තරුණියක් සොයාගෙන යන මේ ගමන අවසානයේ ලොවම දන්නා Hooters ආපනශාලා ජාලයේ උපත සිදුවෙනවා. මේ ගැන අදහස් දක්වපු ආයතනයේ සම-නිර්මාතෘ එඩ් ඩ්රොස්ටේ කියන්නේ, මේක හරිම විනෝදජනක වගේම හැඟීම්බර කතාවක් කියලා. අපි මොනවත්ම නොදැන කොහොමද මේ ව්‍යාපාරය පටන් ගත්තේ කියන එක මිනිස්සුන්ට බලාගන්න පුළුවන් වෙයි.
මේ චිත්‍රපටයේ රූගත කිරීම් ලබන නොවැම්බර් මාසයේදී ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී ආරම්භ කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. දැනටමත් නළු නිළියන් තෝරා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඇමරිකානු සංස්කෘතියේ කොටසක් වුණු Hooters ආපනශාලාවේ මේ අපූරු කතාව සිනමා ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් වේවි කියලා තමයි අධ්‍යක්ෂකවරයා විශ්වාස කරන්නේ.

Discussion & Feedback