අඟහරු ග්‍රහයා මත ගවේෂණ කටයුතුවල නිරත වන නාසා ආයතනයේ කියුරියෝසිටි රෝවරය මෑතකදී ඉතාමත් පුදුම හිතෙන දසුනක් කැමරාවේ සටහන් කරගෙන තියෙනවා. අඟහරු මතුපිට ඉතාමත් ක්‍රමානුකූලව පිහිටි මී වදයක හැඩයට සමාන අමුතුම ව්‍යුහයක් රෝවරයට හමුවෙලා තියෙනවා. මේක හරියට අඟහරු මත අතුරපු කාපට් එකක් වගේ පෙනුමක් තමයි තියෙන්නේ. විද්‍යාඥයන් මුලින්ම මේ ප්‍රදේශය අභ්‍යවකාශයේ ඉඳන් නිරීක්ෂණය කළත්, රෝවරය ළඟටම ගිහින් මේ දේ දැක්කම ඔවුන් පුදුමයට පත් වෙලා තියෙනවා. ඇත්තටම මේ ව්‍යුහය කොහොම හැදුණාද කියන එක තවමත් ලොකු අභිරහසක්.
මේ මී වද හැඩැති ව්‍යුහයට අමතරව, ඒ අවට තැනින් තැන විසිරුණු අඳුරු පාෂාණ කැබලි රාශියක් දකින්න ලැබෙනවා. මේ ගල් කැට කොහෙන් ආවද කියන එක ගැනත් විද්‍යාඥයන් අතර විවිධ මත තියෙනවා. සමහරවිට මේවා උස් ප්‍රදේශවලින් ගිලිහී ආපුවා වෙන්න පුළුවන්, නැත්නම් අතීතයේ සිදුවූ ගැටුමකින් විසි වුණා වෙන්නත් පුළුවන්. ඒ වගේම මේවා වෙනත් ග්‍රහලෝකවලින් පැමිණි උල්කාපාත වෙන්නත් ඉඩ තියෙනවා කියලා තමයි පර්යේෂකයන් කියන්නේ. කොහොම වුණත්, මේ අභිරහස් විසඳාගන්න නාසා ආයතනය දිගින් දිගටම පර්යේෂණ සිදුකරමින් ඉන්නවා. අනාගතයේදී මේ අමුතු දසුන් පිටුපස තියෙන සැබෑ කතාව අපිට දැනගන්න ලැබෙයි.

Discussion & Feedback