ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන හෝම් ලෑන්ඩ්ස් සමූහ ව්‍යාපාරය, කොළඹ වරාය නගරයේ අති නවීන සහ සුඛෝපභෝගී ව්‍යාපෘතියක් වන ‘සෙන්ට්‍රල් පාක් බුලවාඩ්’ ඉදිකිරීම් කටයුතු පසුගියදා උත්සවාකාරයෙන් ආරම්භ කළා. ආගමික වතාවත්වලින් අනතුරුව සුබ මොහොතින් මුල්ගල් තැබීම සිදු කෙරුණු අතර, මේ සඳහා රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ ආයෝජකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙය ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළ ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.
මෙම ව්‍යාපෘතිය අක්කර 40ක විශාල හරිත උද්‍යානයකට මුහුණලා ඉදිකෙරෙන නිවුන් කුළුණු දෙකකින් සමන්විත වන අතර, මෙහි සුඛෝපභෝගී මහල් නිවාස, ස්කයි විලාස් සහ පෙන්ට්හවුස් ඇතුළු අති නවීන පහසුකම් රැසක් අන්තර්ගතයි. හෝම් ලෑන්ඩ්ස් සමාගමේ වසර ගණනාවක අත්දැකීම් සහ විශ්වාසය මත, මෙම දැවැන්ත ව්‍යාපෘතිය මාස 40ක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථකව නිම කිරීමට නියමිතයි. දැනටමත් නිවාස 3,750කට අධික ප්‍රමාණයක් සාර්ථකව ඉදිකර ඇති හෝම් ලෑන්ඩ්ස්, මෙවරත් ලෝක මට්ටමේ ප්‍රමිතියකින් යුත් නිවාස සංකීර්ණයක් ශ්‍රී ලාංකිකයින්ට දායාද කිරීමට සූදානම්.
සෙන්ට්‍රල් පාක් බුලවාඩ් යනු හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොව, ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීමේ හෝම් ලෑන්ඩ්ස් සමාගමේ දැක්ම මූර්තිමත් කරන සුවිශේෂී නිර්මාණයක්. මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ජීවන රටාව සහ නිශ්චල දේපළ ක්ෂේත්රය නව මානයකට රැගෙන යාමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback