2008 වසරේ ඉඳන් හොලිවුඩ් සිනමා කර්මාන්තයට අවශ්ය කැමරා සහ ආලෝකකරණ උපකරණ සපයපු ප්රකට Shadowcast Pictures ආයතනය තමන්ගේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරන්න තීරණය කරලා තියෙනවා. මේ ගැන සමාජ මාධ්ය ඔස්සේ අදහස් දක්වපු ආයතනයේ හිමිකරු ජේ එලිසන් කියන්නේ, කොවිඩ් වසංගතය, හොලිවුඩ් වැඩවර්ජන, ලොස් ඇන්ජලීස් වල ඇතිවුණු ලැව්ගිනි සහ කෘත්රිම බුද්ධියේ (AI) බලපෑම නිසා සිනමා නිෂ්පාදන ක්ෂේත්රය ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියලයි. විශේෂයෙන්ම විශාල සමාගම් එකතු වීම් සහ තාක්ෂණික දැවැන්තයන් සිනමා ක්ෂේත්රය පාලනය කරන්න පටන් ගැනීම නිසා ස්වාධීන නිෂ්පාදකයන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා කියලා ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
පහුගිය වසර හතර පහක කාලය ඇතුළත විතරක් හොලිවුඩ් සිනමා සහ රූපවාහිනී සේවා සපයන ආයතන 80කට වඩා වැසී ගිහින් තියෙනවා. Shadowcast Pictures කියන්නේ ‘Happy Happy Joy Joy’ වගේ ජනප්රිය නිර්මාණ රැසකට දායක වුණු ආයතනයක්. හැබැයි අවාසනාවකට වගේ, මේ වෙද්දී තියෙන ආර්ථික වාතාවරණයත් එක්ක ඉදිරියට යන්න කිසිම මාර්ගයක් නැති නිසා ආයතනය වහලා දාන්න සිද්ධ වුණා කියලා එලිසන් ඉතාමත් කණගාටුවෙන් ප්රකාශ කරලා තියෙනවා. හොලිවුඩ් සිනමා කර්මාන්තයේ මේ කඩා වැටීම ඉදිරියටත් බලපායිද කියන එක ගැන මේ වෙද්දී ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback