ප්‍රකට හොලිවුඩ් නිළියක සහ ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ තානාපතිනියක වන රොසමන්ඩ් පයික් මහත්මිය, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය ගැන විශේෂ ප්‍රශංසාවක් කර තිබෙනවා. ඇය මේ බව සඳහන් කළේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදීයි. දැනට හඳුනාගෙන තිබූ බිම් බෝම්බ සහිත ප්‍රදේශවලින් සියයට අනූවක්ම සාර්ථකව ඉවත් කිරීමට අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබීම ඇයගේ ඇගයීමට ලක් වුණා.
දැනට ඉතිරිව ඇති වර්ග කිලෝමීටර් 20.8ක භූමි ප්‍රමාණය ඉදිරි වසර හතර තුළ සම්පූර්ණයෙන්ම බිම් බෝම්බවලින් තොර කලාපයක් බවට පත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා පුහුණු කළ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 500ක් යෙදවීමටත්, වාර්ෂිකව වර්ග කිලෝමීටර් 1.5ක ප්‍රමාණයක් ඉවත් කිරීමටත් පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සඳහා රජය පසුගිය වසරට වඩා දෙගුණයක මුදලක් වෙන් කර තිබීමත් විශේෂත්වයක්.
මෙම වැඩපිළිවෙළ හරහා උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු වේගවත් කිරීමටත්, සංචාරක කර්මාන්තය නංවාලීමටත්, ජනතාව අතර විශ්වාසය ගොඩනැගීමටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇති බව බලධාරීන් පවසනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව සිදුකරන මෙම මෙහෙයුම් පිළිබඳව රොසමන්ඩ් පයික් මහත්මිය සිය සතුට පළ කර සිටියා.

Discussion & Feedback