බ්රිතාන්යයේ අතිශය ජනප්රිය රූපවාහිනී නිවේදිකාවක වන හොලි විලොබි, තමන්ගේම කියලා අලුත්ම යූටියුබ් ජීවන රටා වැඩසටහනක් පටන් ගන්න සූදානම් වෙනවා. ‘Holly Willoughby Together’ කියලා නම් කරලා තියෙන මේ වැඩසටහන හරහා ඇය විවිධ ක්ෂේත්රවල ප්රසිද්ධ පුද්ගලයින් එක්ක කතාබහ කරන්නත්, විවිධ දේවල් ඉගෙන ගන්නත් බලාපොරොත්තු වෙනවා. ස්ටැන්ලි ටුචි, කැතරින් රයන් සහ එමා බන්ටන් වගේ ප්රසිද්ධ චරිත රැසක් මේ වැඩසටහනේ පළමු කොටස් කිහිපයට සහභාගි වෙන්න නියමිතයි. ජූලි 28 වැනිදා ආරම්භ වන මේ වැඩසටහන සතියකට දෙවරක් විකාශය වෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.
මේ වැඩසටහන කොටස් පහක් යටතේ තමයි නිර්මාණය වෙන්නේ. ඒ යටතේ කෑම පිසීම, විලාසිතා, සමාජ ගැටලු සහ විනෝදජනක කතාබහ වගේ දේවල් ගැන ප්රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්. හොලිගේ සැමියා වන ඩෑන් බෝල්ඩ්වින්ගේ ‘Hungry Bear Media’ ආයතනය තමයි මේ වැඩසටහන නිෂ්පාදනය කරන්නේ. පසුගිය කාලයේ විවිධ පෞද්ගලික අභියෝගවලට මුහුණ දුන්නු හොලි, නැවතත් තමන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන්න මේ හරහා උත්සාහ කරනවා. මිලියන 16ක පමණ අනුගාමිකයන් පිරිසක් ඉන්න ඇයගේ මේ අලුත් පියවර ගැන රසිකයන් ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ.

Discussion & Feedback