හොග්වාර්ට්ස් ලෙගසි (Hogwarts Legacy) ක්‍රීඩාවෙන් පස්සේ මැජික් ලෝකයක අත්දැකීම් විඳගන්න කැමති අයට තවත් සුපිරි ආරංචියක් ලැබිලා තියෙනවා. මේ වසරේදී එළිදැක්වීමට නියමිත ‘විච්බෘක්’ (Witchbrook) කියන අලුත්ම ක්‍රීඩාව හරහා ඔයාලට මැජික් පාසලක ශිෂ්‍යයෙක් වෙලා ජීවිතේ විඳින්න පුළුවන්. චකල්ෆිෂ් (Chucklefish) ආයතනය විසින් නිර්මාණය කරපු මේ ක්‍රීඩාව, මෝස්පෝට් කියන සුන්දර වෙරළාසන්න නගරය කේන්ද්‍ර කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙතනදී ඔයාලට මැජික් ඉගෙන ගන්නවා වගේම, නගරයේ ඉන්න අය එක්ක යාළු වෙන්න, ආදර සම්බන්ධතා ගොඩනගා ගන්න සහ නගරයේ තියෙන රහස් හොයාගන්නත් පුළුවන් වෙනවා.
මේ ක්‍රීඩාවේ තියෙන විශේෂත්වය තමයි, මෙතන තියෙන ලෝකය හරිම ජීවමාන එකක් වීම. කාලගුණය වෙනස් වෙන විදිහට නගරයේ දර්ශනත් වෙනස් වෙනවා වගේම, හැම චරිතයකටම තමන්ටම ආවේණික දෛනික චර්යාවක් තියෙනවා. ඔයාලට යාළුවෝ හතර දෙනෙක් එක්ක එකතු වෙලා මේ ලෝකේ සැරිසරන්නත් පුළුවන්. පාඩම් වැඩ, විභාග සහ මැජික් අභ්‍යාස මැද්දේ වුණත්, නගරයේ තියෙන කඩ සාප්පු වලට යන්න, ඡායාරූප ගන්න වගේ විනෝද වෙන්න ඕන තරම් අවස්ථා මෙහි තියෙනවා. හරියටම නිකුත් කරන දිනයක් තවම ප්‍රකාශ කරලා නැති වුණත්, මේ වසරේම මේ අත්දැකීම ලබාගන්න පුළුවන් වෙයි කියලා තමයි ගේමර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback