අද වන විට ලෝකයේ බලවත්ම තාක්ෂණික සමාගම් විසින් ප්රජාතන්ත්රවාදී රාජ්‍ය පාලනයේ කාර්යභාරය ක්‍රමයෙන් අත්පත් කර ගනිමින් සිටින බව ප්‍රකට ඉතිහාසඥ ජිල් ලෙපෝර් පවසනවා. ඇය පෙන්වා දෙන්නේ ඇල්ගොරිතම, යන්ත්‍ර සහ පෞද්ගලික සමාගම් මගින් පාලනය වන ‘කෘත්‍රිම රාජ්‍යයක්’ (Artificial State) නිර්මාණය වෙමින් පවතින බවයි. මෙය ප්රජාතන්ත්රවාදය සහ සමාන අයිතිවාසිකම් වෙනුවට නැවතත් ඒකාධිපතිවාදයක් කරා අපව රැගෙන යන බව ඇය සිය නවතම කෘතිය හරහා අනතුරු අඟවනවා. විශේෂයෙන්ම එලොන් මස්ක් වැනි සිලිකන් වැලි නායකයන් විද්‍යා ප්‍රබන්ධ කතා වැරදි ලෙස අර්ථකථනය කරමින්, සමාජය පාලනය කිරීමට උත්සාහ කිරීම ඉතා භයානක ප්‍රවණතාවක් බව ඇය අවධාරණය කරනවා.
තාක්ෂණයට විරුද්ධ නොවූවත්, රාජ්‍යයක තිබිය යුතු මූලික වගකීම් පෞද්ගලික සමාගම් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ඇය දැඩි ලෙස විවේචනය කරනවා. කාර්යක්ෂමතාව සහ වේගය යන මුවාවෙන් ආරම්භ වූ මෙම ක්‍රියාවලිය, අද වන විට රටක ස්වෛරීභාවය අභියෝගයට ලක් කරන තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය දශක කිහිපය තුළ මෙම සමාගම් හිතාමතාම ජාතික රාජ්‍යයන්ගේ බලය හීන කිරීමට කටයුතු කර ඇති බවයි ලෙපෝර් පෙන්වා දෙන්නේ. තාක්ෂණික දියුණුව මිනිසාගේ යහපතට යොදාගත යුතු වුවත්, එය ප්රජාතන්ත්රවාදී පාලනය අභිබවා යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඇය වැඩිදුරටත් පවසනවා.

Discussion & Feedback