හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම අභියෝගයට ලක් කරමින් ඇය ගොනු කර තිබෙන අභියාචනය සැප්තැම්බර් 23 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. පසුගිය ජුනි 28 වැනිදා කොළඹ මහාධිකරණය විසින් ඇයට මෙම දඬුවම නියම කළේ 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන යාම, නීතිවිරෝධී ලෙස රඳවා ගැනීම සහ පහරදීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වීම නිසයි.
තමන්ට පැනවූ වසර තුනක සිරදඬුවම සහ රුපියල් විසිදහසක දඩ මුදල යන දෙකම අවලංගු කරන ලෙස ඉල්ලමින් ඇය මෙම අභියාචනය ගොනු කර තිබෙනවා. මෙම නඩුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා. එහිදී අභියාචක පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දැක්වීමෙන් අනතුරුවයි විනිසුරු මඩුල්ල විසින් නඩුව නැවත කැඳවීම සඳහා සැප්තැම්බර් 23 වැනිදා දිනයක් ලෙස නියම කළේ.

Discussion & Feedback