යාල ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි හිල්ටන් යාල රිසෝට් එක, දරුවන් වෙනුවෙන්ම විශේෂිත වූ ‘ජූනියර් රේන්ජර්’ වැඩසටහනක් හඳුන්වා දීලා තියෙනවා. අවුරුදු 5ත් 12ත් අතර දරුවන්ට ස්වභාවධර්මය ගැන අලුත් දේවල් ඉගෙන ගන්නත්, වනජීවී සංරක්ෂණය ගැන අවබෝධයක් ලබා ගන්නත් මේක කදිම අවස්ථාවක්. මෙහි විශේෂත්වය තමයි, ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම හෝටලයක නොමැති, ජාත්‍යන්තරව පිළිගත් ‘CyberTracker’ සහතිකය ලබා ගැනීමට දරුවන්ට මෙහිදී හැකියාව ලැබීම. මේ හරහා දරුවන් පොතපතේ දැනුමට වඩා, ප්‍රායෝගිකව පරිසරය නිරීක්ෂණය කරමින් විද්‍යාත්මකව හිතන්න පුරුදු වෙනවා.
දිනක හෝ දින දෙකක වැඩසටහන් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී දරුවන්ට වනාන්තරයේ ඇවිදින්න, සතුන්ගේ අඩි පාරවල් හඳුනා ගන්න, පුරාවිද්‍යාත්මක ස්ථාන නිරීක්ෂණය කරන්න සහ පරිසරය ආරක්ෂා කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. හිල්ටන් යාල රිසෝට් එකේ ප්‍රධාන රේන්ජර්වරයා වන සජිත් විතානගේ මහතා පවසන විදිහට, මේ වැඩසටහනේ අරමුණ දරුවන් තුළ ස්වභාවධර්මය ගැන ආදරයක් සහ වගකීමක් ඇති කිරීමයි. දරුවන් මේ වනාන්තර අත්දැකීම් ලබන අතරතුර ඔවුන්ගේ නායකත්ව ගුණාංග සහ කණ්ඩායම් හැඟීමත් දියුණු වෙනවා. ඉතින්, ඔයාලගේ දරුවන්ටත් සොබාදහම එක්ක එකතු වෙලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඕන නම්, මේක ඇත්තටම වටිනා අත්දැකීමක් වේවි.

Discussion & Feedback