ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හිල්ටන් යාල රිසෝට් එක ‘Agoda Luxe’ ගෞරවය දිනා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාවේ පිහිටි හිල්ටන් හෝටල් අතරින් මෙම ගෞරවය හිමි කරගත් පළමු සහ එකම හෝටලය වන්නේ මෙයයි. අගෝඩා (Agoda) ආයතනය විසින් ලොව පුරා සංචාරකයන්ගේ ඉහළම ඇගයීමට ලක්වන සහ සුවිශේෂී අත්දැකීම් ලබාදෙන හෝටල් සඳහා පමණක් මෙම ‘Agoda Luxe’ තත්ත්වය පිරිනමනවා. යාල ජාතික වනෝද්‍යානයේ මායිමේ පිහිටා ඇති මෙම හෝටලය, වනජීවී අත්දැකීම් සහ නවීන සුඛෝපභෝගී පහසුකම් එකම තැනකින් ලබාදෙන අපූරු ස්ථානයක්.
මෙම ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් හිල්ටන් යාල රිසෝට් එකේ අලෙවිකරණ අධ්යක්ෂ සනෝජ් පෙරේරා මහතා පැවසුවේ, අද කාලේ සංචාරකයන් හුදෙක් ලස්සන කාමරයකට වඩා අමතක නොවන අත්දැකීම් සොයන බවයි. හිල්ටන් යාල රිසෝට් එකේ සිටින ජාත්‍යන්තර මට්ටමේ පුහුණුව ලත් වනජීවී මගපෙන්වන්නන් සහ සූපවේදීන් හරහා අමුත්තන්ට සැබෑ වනජීවී අත්දැකීමක් සහ රසවත් ආහාර වේලක් ලබාගන්න පුළුවන්. ලෝකයේ හිල්ටන් සන්නාමය යටතේ ඇති එකම වනජීවී නිකේතනය වන මෙහි, අමුත්තන්ට සුවපහසුව සහ සොබාදහමේ සුන්දරත්වය එකම වහලක් යටදී අත්විඳින්න අවස්ථාව ලැබෙනවා. මෙම පිළිගැනීම ලැබීම ගැන තමන් ඇතුළු මුළු කණ්ඩායමම ගොඩක් සතුටු වන බවත්, අමුත්තන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය මෙයින් තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback