ලෝකයේ වැඩිම වැටුප් ලබන රාජ්‍ය නායකයා වන සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග්ගේ වාර්ෂික වැටුප සිංගප්පූරු ඩොලර් මිලියන 1.4කින් ඉහළ දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව ඔහුගේ වාර්ෂික වැටුප සිංගප්පූරු ඩොලර් මිලියන 3.6ක් දක්වා ඉහළ යන අතර, අගමැතිවරයා පවසන්නේ තමන්ට ලැබෙන මෙම වැටුප් වැඩිවීම ඉදිරි වසර පහ තුළ පුණ්‍යාධාර සඳහා පරිත්‍යාග කරන බවයි. දක්ෂ පුද්ගලයින් දේශපාලනයට ආකර්ෂණය කර ගැනීම සහ දූෂණ වළක්වා ගැනීම සඳහා ඉහළ වැටුප් ක්‍රමයක් අත්‍යවශ්‍ය බව රජය දිගින් දිගටම තර්ක කරනවා.
කෙසේ වෙතත්, සිංගප්පූරුවේ සාමාන්‍ය ජනතාව අතර මේ පිළිබඳව පවතින්නේ දැඩි විරෝධයක්. රටේ ජීවන වියදම ඉහළ යාම සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු පවතින මොහොතක, මෙවැනි වැටුප් වැඩිවීමක් සිදු කිරීම ‘ජනතාවගේ ගැටලු නොතකා හැරීමක්’ ලෙස බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කරනවා. සිංගප්පූරුවේ මධ්‍යම මාසික ආදායම ඩොලර් 5,775ක් වැනි අගයක පවතින පසුබිමක, අගමැතිවරයාගේ වැටුප මෙතරම් ඉහළ මට්ටමක පැවතීම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි කරුණක් වී තිබෙනවා.
අගමැතිවරයා පවසන්නේ ව්‍යාපාරික ක්ෂේත්රයේ සහ රාජ්‍ය සේවයේ ඉහළම තලයේ සිටින දක්ෂ පුද්ගලයින් දේශපාලනයට එක්කර ගැනීමට නම් ඔවුන්ට තරඟකාරී වැටුපක් ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත්, 2011 වසරේදී ද මෙවැනිම වැටුප් මතභේදයක් හේතුවෙන් පාලක පක්ෂයට මැතිවරණවලදී පසුබෑමකට ලක්වීමට සිදු වූ අතර, පසුව වැටුප් අඩු කිරීමට පවා රජයට සිදුවුණා. මේ වන විටත් ලෝකයේ වෙනත් රටවල නායකයින්ට වඩා සිංගප්පූරු අගමැතිවරයා ලබන වැටුප ඉතා ඉහළ අගයක පවතින බව දත්ත පෙන්වා දෙනවා.

Discussion & Feedback