ලෝකයේ වැඩිම වැටුප් ලබන රාජ්‍ය නායකයා වන සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග්ගේ වාර්ෂික වැටුප සිංගප්පූරු ඩොලර් මිලියන 1.4කින් ඉහළ දැමීමට එරට රජය තීරණය කරලා තියෙනවා. මේ අනුව ඔහුගේ වාර්ෂික වැටුප සිංගප්පූරු ඩොලර් මිලියන 3.6ක් දක්වා ඉහළ යනවා. කෙසේ වෙතත්, තමන්ට ලැබෙන මෙම වැටුප් වැඩිවීම ඉදිරි වසර පහ තුළ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. දක්ෂ පුද්ගලයින් දේශපාලනයට ආකර්ෂණය කර ගැනීම සහ දූෂණය අවම කිරීම සඳහා ඉහළ වැටුප් ක්‍රමයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව රජයේ ස්ථාවරයයි.
මේ තීරණයත් එක්ක සිංගප්පූරුව තුළ දැඩි විවේචන මතු වෙලා තියෙනවා. රටේ ජීවන වියදම ඉහළ යාම සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු පවතින මොහොතක, සාමාන්‍ය ජනතාවගේ ආදායමට වඩා බොහෝ ඉහළ අගයකින් අමාත්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය හරහා පවසන්නේ මෙය වත්මන් ආර්ථික තත්ත්වය නොතකා ගත් තීරණයක් බවයි. කෙසේ වෙතත්, රටේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීම මත පදනම්ව අමාත්‍යවරුන්ගේ වැටුප් තීරණය වන බවත්, රටේ දක්ෂතම පිරිස පාලනයට එක්කර ගැනීමට නම් මෙවැනි වැටුප් මට්ටමක් පවත්වාගත යුතු බවත් රජය තවදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback