මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක නිරත වෙලා ඉන්න අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පසුගිය දා ඉතාමත් අභියෝගාත්මක මෙහෙයුමක් සාර්ථකව නිම කළා. අම් දෆොක් ප්‍රදේශයේදී සැම්බියානු සාම සාධක භට පිරිසකට එල්ල වුණු හදිසි ප්‍රහාරයකින් පසුව, තුවාල ලැබූ පිරිසක් බේරාගැනීම සඳහා තමයි අපේ ගුවන් හමුදාවේ Mi-17 හෙලිකොප්ටරය පිටත් වුණේ. කාලගුණය ඉතාමත් අයහපත් වුණත්, කිසිම දෙයකට බිය නොවී අපේ ගුවන් නියමුවන් මේ මෙහෙයුම භාරගත්තා.
ගෲප් කැප්ටන් අසිරි පතිරගේ සහ ෆ්ලයිට් ලුතිනන් දිල්හාෂ් අතපත්තු යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, ආරක්ෂාව පවා අවදානම් මට්ටමක තිබුණු හෙලිපෑඩයකට ගොඩබැස්ස අපේ කණ්ඩායම, එන්ජින් පවා ක්‍රියාත්මකව තබාගෙන ඉතාමත් වේගයෙන් තුවාලකරුවන් 14 දෙනෙක්ව ගුවන් යානයට නංවා ගත්තා. ගුවන් ගමන අතරතුරදීත් වෛද්‍ය කණ්ඩායම ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නොකඩවා ලබා දුන්නා. මේ විදිහට බේරාගත්ත පිරිස අතරින් නව දෙනෙක් බිරාඕ ගුවන් තොටුපළේ රෝහලටත්, බරපතළ තත්ත්වයේ හිටපු පස් දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා බ්‍රියා නගරයේ රෝහලකටත් රැගෙන යන්න අපේ ගුවන් හමුදා නිලධාරීන් කටයුතු කළා.
අපේ රටේ ගුවන් හමුදාවේ මේ වීර ක්‍රියාව ගැන මේ වන විට ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඉතාමත් අසීරු කාලගුණික තත්ත්වයන් සහ ආරක්ෂක ගැටලු මැද වුණත්, තමන්ගේ රාජකාරිය උපරිමයෙන් ඉටු කරමින් ජීවිත 14ක් බේරාගන්න අපේ රණවිරුවන්ට පුළුවන් වුණා. ඇත්තටම මේක අපේ රටටම ආඩම්බරයක්.

Discussion & Feedback