අද දවසේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. මේ අතරින් සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් ලැබෙන්න පුළුවන් වුණත්, දිවයිනේ අනෙක් ප්‍රදේශවල කාලගුණය බොහෝ දුරට වියළි ස්වභාවයක් ගන්නවා.
වැස්සට අමතරව උතුරු, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමන්න පුළුවන්. මේ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තද සුළං සහ වැසි හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගන්න අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසයි. විශේෂයෙන්ම ගස් යට ගැවසීමෙන් සහ අනාරක්ෂිත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා කාලගුණ වාර්තා පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න කියලා අපි ඔබට මතක් කරනවා.

Discussion & Feedback