මේ දවස්වල යුරෝපයේ රටවල් කිහිපයකම අසාමාන්‍ය විදිහට උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙනවා. ජර්මනිය, ඩෙන්මාර්කය සහ චෙක් ජනරජය වගේ රටවල්වල උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම ජර්මනියේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.5ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ තත්ත්වය නිසා යුරෝපයේ මිලියන 150කට වැඩි පිරිසක් දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. කාලගුණ විද්‍යාඥයන් කියන විදිහට මේක සාමාන්‍ය ගිම්හාන කාලගුණයක් නෙවෙයි, සෞඛ්‍ය අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.
මේ දරුණු උණුසුම් කාලගුණය නිසා ස්පාඤ්ඤය සහ ප්‍රංශය වගේ රටවල්වලින් මරණ කිහිපයක්ම වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම දිය නෑමට ගිය අය අතරින් විශාල පිරිසක් දියේ ගිලී මියගොස් තිබීම කනගාටුදායකයි. මේ අසාමාන්‍ය උණුසුම ඇතිවෙලා තියෙන්නේ වායුගෝලයේ ඇතිවුණු ‘හීට් ඩෝම්’ (heat dome) කියන තත්ත්වයක් නිසා කියලා තමයි කාලගුණ විද්‍යාඥයන් කියන්නේ. දේශගුණික විපර්යාස නිසා මෙවැනි දරුණු උණුසුම් කාලගුණයක් ඇතිවීම අනාගතයේදී තවත් වැඩි වෙන්න පුළුවන්.
කෙසේ වෙතත්, මේ සතියේ අගභාගය වන විට යුරෝපයේ බටහිර දෙසින් සිසිල් සුළං හමා ඒමත් එක්ක උෂ්ණත්වය යම්තාක් දුරකට අඩු වේවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත් මේ දවස්වල එළිමහනේ වැඩ කරන අයට සහ වැඩිහිටියන්ට මේ තත්ත්වය ගොඩක් බලපාන නිසා හැමෝම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලා බලධාරීන් අනතුරු අඟවනවා.

Discussion & Feedback