කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාවට විශේෂ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා. මේ අනුව හෙට (09) දිනයේදී මෙම ප්‍රදේශවල උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය එකතු වුණාම දැනෙන උණුසුම හෙවත් ‘තාප දර්ශකය’ අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ යන්න පුළුවන් කියලා තමයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන්ම දවල් කාලයේදී මේ තත්ත්වය වැඩිපුරම දැනෙන්න ඉඩ තියෙනවා.
මේ වගේ තද අව් රශ්මියක් පවතින වෙලාවක දිගු වේලාවක් එළිමහනේ වැඩ කිරීමෙන් ශරීරයට ලොකු වෙහෙසක් දැනෙන්න පුළුවන්. ඒ වගේම දිගින් දිගටම වෙහෙස මහන්සි වෙලා වැඩ කළොත් මස්පිඬු පෙරලීම වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ දිස්ත්‍රික්කවල ඉන්න අය හැකිතාක් දුරට අව්වේ වැඩ කරන එක සීමා කරන්න ඕනේ.
මේ කාලගුණ තත්ත්වය නිසා හැමෝම වැඩිපුර වතුර බොන්න මතක තියාගන්න. පුළුවන් තරම් සෘජුවම හිරු එළියට නිරාවරණය නොවී ඉන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම දවසේ වැඩිම උණුසුමක් දැනෙන වෙලාවට එළිමහනේ කරන වැඩ කටයුතු සීමා කරලා, තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback