ලෝකයේ බොහෝ දෙනෙක් ඇසීමේ දුබලතා නිසා පීඩා විඳිනවා. නමුත් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබාගන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. මේ ගැටලුවට විසඳුමක් විදිහට ‘Legato’ කියන නවීන තාක්ෂණික සමාගම විසින් අලුත්ම AI තාක්ෂණයෙන් යුතු ‘Legato Frames’ කණ්ණාඩි පෙළක් හඳුන්වා දී තිබෙනවා. මේ සඳහා ඔවුන්ට ඩොලර් මිලියන 12ක ආයෝජනයක් ලැබී ඇති අතර, මේ කණ්ණාඩි නිර්මාණය කරලා තියෙන්නේ සාමාන්‍ය කණ්ණාඩියක් වගේම ඉතා පහසුවෙන් පැළඳගෙන ඉන්න පුළුවන් විදිහටයි.
මෙම කණ්ණාඩිවල විශේෂත්වය තමයි එහි අන්තර්ගත AI තාක්ෂණය. සාමාන්‍ය ශ්රවණාධාරවලදී ඝෝෂාකාරී තැන්වලදී ශබ්ද වෙන් කර හඳුනා ගැනීම අපහසු වුණත්, Legato කණ්ණාඩිවලින් අවට ශබ්ද සහ මිනිසුන්ගේ කටහඬ ඉතා පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේවා පැළඳ සිටින විට තමන්ට ඇසෙන ශබ්ද අන් අයට ඇසෙන්නේ නැති නිසා පෞද්ගලිකත්වයත් ආරක්ෂා වෙනවා. කිසිදු සංකීර්ණ සැකසුම් අවශ්‍ය නැති, ඉතා සැහැල්ලු සහ විලාසිතාවට ගැලපෙන මේ කණ්ණාඩි හරහා ඇසීමේ දුබලතා ඇති අයට සමාජය සමඟ වඩාත් හොඳින් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා.
මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන් වන මෙහුල් ත්රිවේදි සහ ස්ටීව් රොමයින් පවසන්නේ, ඇසීම කියන දේ දෘෂ්ටිය වගේම සාමාන්‍ය දෙයක් බවට පත් කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව කියලා. ඉදිරි මාස කිහිපය තුළ වෙළඳපොළට නිකුත් වීමට නියමිත මෙම කණ්ණාඩි, විශේෂයෙන්ම මධ්‍යස්ථ මට්ටමේ ඇසීමේ දුබලතා ඇති අයට විශාල සහනයක් වේවි.

Discussion & Feedback