මේ දවස්වල රටේ පවතින තත්ත්වයත් එක්ක මී උණ රෝගය පැතිරීමේ ලොකු අවදානමක් තියෙනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. මීයන්ගේ මුත්‍ර මගින් පැතිරෙන මේ බැක්ටීරියා ආසාදනය ඉතාම භයානක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොවිතැන් කටයුතුවල නිරත වෙන අය, මඩේ වැඩ කරන අය, කාණු පිරිසිදු කරන අය සහ වගුරු බිම්වල සෙල්ලම් කරන ළමයින් මේ රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම එකතැන පල්වෙන වතුරේ නාන අයත් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලා ඔවුන් මතක් කරනවා.
මී උණ රෝගයේ මුල් ලක්ෂණ ඩෙංගු රෝගයට ගොඩක් සමානයි. උණ, ඔලුවේ කැක්කුම, ඇඟපතේ වේදනාව සහ ඇස් රිදීම වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් කිසිම වෙලාවක ගෙදරදීම බෙහෙත් ගන්න යන්න එපා. වහාම ළඟම තියෙන රෝහලකට හෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න යන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. පරක්කු වුණොත් රෝගය උත්සන්න වෙලා ජීවිත හානි පවා වෙන්න පුළුවන්.
මඩේ වැඩ කරන අයට මේ රෝගය වළක්වා ගන්න පුළුවන් ‘ඩොක්සිසයික්ලින්’ (Doxycycline) කියන ප්‍රතිජීවක ඖෂධය වෛද්‍ය උපදෙස් මත ලබාගන්න පුළුවන්. මේ බෙහෙත් වර්ගය ඔයාලගේ ප්‍රදේශයේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් (MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නොමිලේම ලබාගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා අපි හැමෝටම මතක් කරනවා.

Discussion & Feedback