ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, මේ වසරේ ඔක්තෝබර් මාසයේදී නව හෙද නිලධාරීන් 2,847 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. කොළඹ හෙද විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළා. 2030 වසර වන විට හෙද නිලධාරීන් 13,600ක් බඳවා ගැනීමේ දීර්ඝකාලීන සැලැස්මක් රජය සතු වන අතර, ඉන් 50%ක ඉලක්කය මේ වසර අවසන් වන විට සපුරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව 2028 වසරේ මාර්තු මාසයේදී 1,949ක් සහ එම වසරේම අගෝස්තු මාසයේදී තවත් 2,920ක් වශයෙන් හෙද නිලධාරීන් බඳවා ගැනීමට නියමිතයි.
මෙම නව බඳවා ගැනීම්වලදී ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමටත්, දැනට සීමිත පහසුකම් යටතේ පවතින හෙද විද්‍යාලවල තත්ත්වය නංවාලීමටත් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. හෙද අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ මේ වන විටත් සාකච්ඡා පවත්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී හෙද සේවය ඉතාමත් ගෞරවනීය සහ අත්‍යවශ්‍ය සේවාවක් බවත්, එය තවදුරටත් දියුණු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් බවත් ඔහු අවධාරණය කළා.

Discussion & Feedback