1997 වසරේදී රුසියාවේ ‘මීර්’ (Mir) අභ්යවකාශ මධ්යස්ථානයේ සිදුවූ බිහිසුණු අනතුර ගැන නාසා ආයතනයේ හිටපු ගගනගාමී මයිකල් ෆෝල් මෑතකදී අලුත් හෙළිදරව්වක් කළා. මේ සිදුවීම පසුබිම් කරගෙන නිර්මාණය වුණු ‘Once Upon a Time in Space’ වාර්තා වැඩසටහන හරහා ඔහු පවසන්නේ, එදා අභ්යවකාශ මධ්යස්ථානයට භාණ්ඩ ප්රවාහනය කළ යානයක් ගැටීම නිසා මධ්යස්ථානය තුළ වායු පීඩනය වේගයෙන් පහළ ගිය බවයි. ඒ වෙලාවේ ඔක්සිජන් ඉතිරිව තිබුණේ විනාඩි 23ක් වැනි ඉතා කෙටි කාලයක් පමණයි. නමුත් ෆෝල් සහ සෙසු රුසියානු ගගනගාමීන් ඉතා නිර්භීතව ක්රියා කරමින් එම අනතුර පාලනය කර ගැනීමට සමත් වුණා.
මෙම අනතුරට ප්රධාන හේතුව වී තිබුණේ මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් රුසියානු බලධාරීන් ගත් වැරදි තීරණයක්. රේඩාර් පද්ධතියක් නොමැතිව කිලෝමීටර් හයක දුර සිට අතින් යානයක් ගොඩබෑමට (Manual docking) උත්සාහ කිරීම නිසා මෙම ගැටුම සිදුවුණා. මේ පිළිබඳව අදහස් දක්වන ෆෝල් පවසන්නේ, එම අවස්ථාවේදී සියලු වගකීම් තමන් මත පටවාගෙන එම අභියෝගයට මුහුණ දුන් රුසියානු ගගනගාමී වසිලි සිබ්ලියෙව්ගේ ක්රියාකලාපය අතිශය කැපී පෙනෙන බවයි. අදටත් අභ්යවකාශ ඉතිහාසයේ බිහිසුණුම සිදුවීමක් ලෙස සැලකෙන මෙම අනතුර, මිනිස් ජීවිත බේරා ගැනීමට ගගනගාමීන් කළ අරගලය ගැන අපූරු පාඩමක් කියා දෙනවා.

Discussion & Feedback