ලොව පුරා රසිකයින් ආදරය කරන හැරී පොටර් සිනමාපට මාලාවේ අතිශය ජනප්‍රිය සංගීත තේමාව වන ‘හෙඩ්විග්ස් තීම්’ (Hedwig’s Theme) ඉදිරියේදී එන HBO හැරී පොටර් රූපවාහිනී කතාමාලාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ කතාමාලාවේ සංගීත අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔස්කාර් සම්මානලාභී හෑන්ස් සිමර් විසින්. ඔහු පවසන ආකාරයට, ජෝන් විලියම්ස්ගේ එම විශිෂ්ට නිර්මාණය අනුකරණය කිරීමට උත්සාහ කරනවාට වඩා, සම්පූර්ණයෙන්ම අලුත් සහ වෙනස් ආරක සංගීතයක් නිර්මාණය කිරීම වඩාත් සුදුසු බවයි ඔහුගේ අදහස වී තිබෙන්නේ. මීට පෙර ‘මෑන් ඔෆ් ස්ටීල්’ චිත්‍රපටයේදීත් ඔහු මෙවැනිම අභියෝගයකට මුහුණ දුන් අතර, එහිදී ඔහු තෝරාගත්තේ මුල් නිර්මාණයට වඩා වෙනස් මගක් ගැනීමයි.
මෙම නව කතාමාලාව සඳහා ජෝන් ලිතගෝ, නික් ෆ්රොස්ට් සහ බෙල් පවුලි වැනි ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වනවා. චිත්‍රපට මාලාවේ තිබූ බොහෝ දේ වෙනස් කරමින්, නව්‍යකරණයකට ලක්වෙන මෙම කතාමාලාව දෙස රසිකයින් බලා සිටින්නේ ලොකු කුතුහලයකින්. විශේෂයෙන්ම හෑන්ස් සිමර්ගේ සංගීතය මෙම නව හැරී පොටර් ලෝකයට කොයි වගේ අලුත් අත්දැකීමක් එකතු කරයිද යන්න දැනගන්න හැමෝම උනන්දුවෙන් ඉන්නවා. මෙම කතාමාලාවේ පළමු කොටස දෙසැම්බර් 25 වැනිදා HBO Max හරහා විකාශය වීමට නියමිතයි. හැරී පොටර් පොත් මාලාවේ සෑම පොතක්ම වෙනම කතා සමයක් ලෙස නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති නිසා, ඉදිරි වසර ගණනාව පුරාම සිමර්ගේ අලුත්ම සංගීත නිර්මාණ රසවිඳින්න අපට පුළුවන් වේවි.

Discussion & Feedback