HBO ආයතනය සාමාන්යයෙන් තමන්ගේ කතා මාලා එකිනෙකට සම්බන්ධ නොකර ස්වාධීනව පවත්වාගෙන යාමට ප්රසිද්ධයි. හැබැයි දැන් ඔවුන් ඒ සම්ප්රදාය වෙනස් කරමින් අලුත්ම පියවරක් තබා තිබෙනවා. ඒ අනුව, ජනප්රිය ‘Mare of Easttown’ සහ මාර්ක් රෆලෝ රඟපාන ‘Task’ යන කතා මාලා දෙක එකම ලෝකයක සිදුවන කතා පුවත් ලෙස සම්බන්ධ කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. මේ සඳහා මූලිකම සාක්ෂිය වන්නේ ‘Mare of Easttown’ හි ලෝරි රොස් ලෙස රඟපෑ ජුලියන් නිකල්සන්, ‘Task’ දෙවන කතා මාලාවටත් සම්බන්ධ වීමයි. මේ දෙකම නිර්මාණය කර තිබෙන්නේ බ්රැඩ් ඉන්ගල්ස්බි විසින් නිසා, ඔහු බොහෝ කලක සිට මේ දෙක එකට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වෙන්නේ.
මෙම තීරණයත් සමඟ රසිකයන්ට අලුත්ම බලාපොරොත්තු රැසක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම ‘Mare of Easttown’ දෙවන කතා මාලාවක් ගැන තිබූ කතාබහ දැන් තවත් තීව්ර වී තිබෙනවා. මාර්ක් රෆලෝගේ චරිතය වන එෆ්.බී.අයි නිලධාරි ටොම් බ්රැන්ඩිස් සහ කේට් වින්ස්ලට්ගේ මේර් ෂීහාන් චරිතය අනාගතයේදී එකට වැඩ කරනු දැකගැනීමට ලැබුණොත් එය රසිකයන්ට විශාල සතුටක් වේවි. මේ වෙනස නිසා ඉදිරියේදී තවත් අලුත් කතා මාලා සහ චරිත එකිනෙක සම්බන්ධ වෙමින් විශාල විශ්වයක් ගොඩනැගෙනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. HBO ආයතනයේ මේ අලුත්ම ගමන ටෙලිවිෂන් ලෝකයේ විශාල පෙරළියක් සිදු කරනු ඇති බව නම් නිසැකයි.

Discussion & Feedback