HBO Max කියන්නේ ලෝකයේ ජනප්‍රියම ස්ට්‍රීම් කිරීමේ වේදිකාවක්නේ. ඉතින් මේ වේදිකාව තමන්ගේ පරිශීලකයන්ට තමන් කැමතිම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පහසුවෙන් හොයාගන්න උදව් වෙන්න අලුත්ම විශේෂාංග දෙකක් හඳුන්වා දීලා තියෙනවා. මේකෙන් එකක් තමයි ‘HBO Max Shorts’. මේක AI තාක්ෂණය පාවිච්චි කරලා නිර්මාණය කරපු එකක්. මේ හරහා චිත්‍රපටවල සහ ටෙලි නාට්‍යවල තියෙන ඉතාමත් රසවත් සහ මතක හිටින දර්ශන කෙටි වීඩියෝ විදිහට ඔයාලට බලාගන්න පුළුවන්. දැනට මේ පහසුකම ඇමරිකාවේ ඉන්න iOS භාවිතා කරන්නන්ට විතරයි ලැබෙන්නේ, නමුත් ඉදිරියේදී මේක තවත් පුළුල් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.
අනිත් විශේෂාංගය තමයි ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන් වෙනුවෙන්ම හඳුන්වා දුන්නු ‘Ask HBO Max’ කියන සංවාදාත්මක සෙවුම් ක්‍රමය. මේක හරහා ඔයාලට සාමාන්‍යයෙන් කතා කරන විදිහටම සෙවුම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ‘මට අද බලන්න හොඳ කොමඩියක් හොයලා දෙන්න’ වගේ දේවල් කිව්වම, ඒ AI තාක්ෂණය මගින් ඔයාගේ මනෝභාවයට ගැලපෙනම දේවල් හොයලා දෙනවා. මේ වගේ දේවල් නිසා දැන් අපිට කැමති දේවල් හොයාගන්න එක ගොඩක් ලේසි වෙනවා. මේ විශේෂාංග දෙකම තාම අත්හදා බැලීමේ මට්ටමේ තියෙන්නේ, ඉතින් ඉදිරියේදී තවත් දියුණු වෙලා අපිට ගොඩක් පහසුකම් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback