ලොවම කම්පා කළ ජෙෆ්රි එප්ස්ටීන්ගේ අපරාධ රැල්ල සහ ඔහුගේ බලපෑම්කාරී ජාලය ගැන විස්තර කෙරෙන ‘Diabolical: The Epstein Files’ වාර්තා චිත්රපටය ජාත්යන්තර ප්රේක්ෂකයන් වෙත ගෙන ඒමට HBO Max ආයතනය කටයුතු කරලා තියෙනවා. ඕස්ට්රේලියාවේ ABC ආයතනය විසින් නිෂ්පාදනය කරපු මේ විනාඩි 90ක වාර්තා චිත්රපටය, සැප්තැම්බර් 3 වැනිදා ඉඳන් එක්සත් රාජධානිය, ඉතාලිය, නෙදර්ලන්තය ඇතුළු රටවල් රැසක ප්රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. මේ හරහා එප්ස්ටීන්ගේ අපරාධ ක්රියාකාරකම් සහ නීතියේ තිබුණු හිඩැස් නිසා ඔහුට වසර ගණනාවක් තිස්සේ නිදහසේ මේ දේවල් කරගෙන යන්න ලැබුණු ආකාරය ගැන ගැඹුරු විමර්ශනයක් සිදු කරලා තියෙනවා.
මේ වාර්තා චිත්රපටයට එප්ස්ටීන්ගේ වින්දිතයන් වුණු ලීසා පිලිප්ස් සහ ඇෂ්ලි රුබ්රයිට් වගේම, ඔහුගේ සහෝදරයා සහ නීතිඥවරුන් ඇතුළු පිරිසකගේ සෘජු අත්දැකීම් සහ සාක්ෂි ඇතුළත් වෙනවා. බලය සහ මුදල් තියෙන පුද්ගලයන් කොහොමද නීතියෙන් රිංගලා යන්නේ කියන එක ගැන මේකෙන් ලොකු කතාබහක් ඇති කරනවා. Warner Bros. Discovery ආයතනයේ ප්රකාශකයෙක් සඳහන් කළේ, මෑත ඉතිහාසයේ සිද්ධ වුණු බිහිසුණුම අපරාධ සිදුවීමක් ගැන මේ වාර්තා චිත්රපටය හරහා ප්රේක්ෂකයන්ට ඉතා පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙනවා කියලයි. ඇත්තටම මේක ලෝකයේ බලවතුන්ගේ අඳුරු පැතිකඩ ගැන දැනගන්න කැමති අයට වැදගත් වාර්තාමය වැඩසටහනක් වේවි.

Discussion & Feedback