හොලිවුඩ් සිනමා ලෝකයේ දැවැන්තයෙක් වුණ හාර්වි වයින්ස්ටයින්ට එරෙහිව තිබුණු ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් ඔහුට වසර 15ක සිරදඬුවමක් නියම වෙලා තියෙනවා. මීට පෙර ඔහුට එරෙහිව තිබුණු නඩු තීන්දුවක් නිව්යෝර්ක් උසාවියකින් අවලංගු කළත්, නැවත පැවැත්වූ නඩු විභාගයකින් පසුව ඔහුව මෙලෙස වරදකරු කර තිබෙනවා. තමන්ගේ හිටපු සහායිකාවකට සිදු කළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් තමයි ඔහුට මේ දඬුවම ලැබුණේ. මේ සිදුවීම නිසා තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවත්, තමන්ට තවමත් ඒ කම්පනයෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා කියලත් අදාළ කාන්තාව උසාවියේදී ප්‍රකාශ කළා.
දැනට 74 හැවිරිදි වියේ පසුවන වයින්ස්ටයින් මේ වන විටත් විවිධ සෞඛ්‍ය ගැටලු නිසා රෝහල්ගතවයි ඉන්නේ. උසාවියේදී ඔහු තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළත්, තමන් අතින් යම් වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒ ගැන සමාව ඉල්ලනවා කියලා ඔහු පවසා තිබුණා. නමුත් විනිසුරුවරයා සඳහන් කළේ ඔහු බලහත්කාරයෙන් දේවල් ලබාගෙන ඇති බවත්, කිසිම අවස්ථාවක තමන්ගේ වරද පිළිගැනීමට කටයුතු කර නැති බවත්ය. 2017 වසරේදී ඔහුට එරෙහිව මේ චෝදනා එල්ල වීමත් සමඟ ලොව පුරා #MeToo ව්‍යාපාරය ආරම්භ වුණා. කෙසේ වෙතත්, කැලිෆෝනියාවේදී ඔහුට එරෙහිව ලැබුණු තවත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් දඬුවම් නියම වීමට තවමත් නියමිතව තිබෙනවා.

Discussion & Feedback