හැරී පොටර් රසිකයන්ට තවත් සුබ ආරංචියක් ලැබිලා තියෙනවා. Food Network නාලිකාව හරහා විකාශය වන ජනප්රිය ‘Harry Potter: Wizards of Baking’ වැඩසටහනේ තුන්වන අදියර නිෂ්පාදනය කරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. මේ වැඩසටහන මුලින්ම ආරම්භ වුණේ 2024 වසරේදී වන අතර, මේ වන විටත් එය ලොව පුරා ප්රේක්ෂකයන් අතර විශාල ජනප්රියත්වයක් ලබාගෙන අවසන්. විශේෂයෙන්ම හැරී පොටර් පළමු චිත්රපටය තිරගත වී වසර 25ක් පිරීම නිමිත්තෙන්, මේ වසරේ අගභාගයේදී තුන්වන අදියර විකාශය කිරීමට නියමිතයි.
මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ හැරී පොටර් චිත්රපට මාලාවේ ෆ්රෙඩ් සහ ජෝර්ජ් විස්ලි ලෙස රඟපෑ ජේම්ස් සහ ඔලිවර් ෆෙල්ප්ස් යන සොහොයුරන් විසින්. මෙවර තරගාවලියත් හොග්වර්ට්ස් නිවාස හතර නියෝජනය කරන කණ්ඩායම් අතර ඉතා උණුසුම් ලෙස පැවැත්වෙනවා. කෙසේ වෙතත්, නිෂ්පාදන වියදම් පාලනය කිරීමේ අරමුණින් මෙවර වැඩසටහන එක්සත් රාජධානියේ සිට කැනඩාවට ගෙන යාමට නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා. පසුගිය වාරවලදී චිත්රපට රූගත කළ ස්ථානවලම මෙය රූගත කළත්, මෙවර වෙනස්ම ආකාරයකින් අලුත් නිර්මාණ සහ පුදුම හිතෙන දේවල් රැසක් ප්රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වේවි.
Warner Horizon Unscripted Television ආයතනය විසින් නිෂ්පාදනය කරන මෙම වැඩසටහන, රසකැවිලි කලාව සහ හැරී පොටර් ලෝකය එකට එකතු කරන අපූරු අත්දැකීමක්. ඉදිරියේදී එන නව කථාංග තුළින් වඩාත් නිර්මාණශීලී කේක් නිර්මාණ සහ සිත්ගන්නාසුලු තරග රටාවන් දැකගන්න ලැබෙන නිසා, මේ වසරේ අගභාගය හැරී පොටර් රසිකයන්ට නම් ඉතාමත් විශේෂ එකක් වේවි.

Discussion & Feedback